ධනපතියන් බේරලා පීඩිතයන්ට ගහපු අසාධාරණ බද්දක් ….

Date:

ආන්ඩුව ලක්ෂ දෙක තුන පඩිගන්න අයගේ බදු අඩු කරලා ඒකට හරියන්න බැංකු තැන්පත් කරුවන්ට ගැහුවා.

මෙතනදි, පුලුවන් කාලේ කීයක් හරි හොයාගෙන බැරි කාලේ ඒක පොතේ දාලා පොලියෙන් ජීවත් උන අයට පිහියෙන් කෙටුවා වගේ වැඩක් තමා ආන්ඩුව කරේ..

සංස්ථාවල, මණ්ඩලවල, නැත්නම් පුද්ගලික අංශයේ මොකක් හරි රස්සාවක් කරලා අන්තිමට හම්බවෙන ෆන්ඩ් එක එක පොතේ දාලා ඒකේ පොලියෙන් ජීවිතේ ගැටගහගත්ත එහෙම නැත්තම් පරම්පරාවෙන් ලැබුන පොඩි ඉඩමක් කඩමක් හරි විකුණලා ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් ජීවත් උන මිනිස්සුන්ට තමා මේකෙන් කැත විදියටම බඩේපාර වදින්නේ..

මේ බද්ද ගහන්නේ ලක්ෂ එකහමාරකට වඩා පොලිය ගන්න අයට විතරයි කියන කතාව තනි ප්‍රෝඩාවක්.. මොකද මේ කපපු සල්ලි ආපහු ගන්න නම් ටැක්ස් ෆයිල් එකක් ඕන.. තිස් හතලිස් දාහක් පොලිය ගන්න මිනිස්සුන්ට ටැක්ස් ෆයිල් නෑ.. මෙතනදි කැපෙන සීයට දහය ආපහු ගන්ට ටැක්ස් ෆයිල් එක්ක් හදා ගන්නව කියන්නෙ තව මරාලයක් දාගැනීමක්..

කොහොම හරි ටැක්ස් ෆයිල් තියෙන ලොකු ලොකු බිස්නස් කාරයින්ට මේක ආපහු ක්ලේම් කරගන්න පුළුවන් ..

මේක ලොකු ලොකු උන් බේරලා පොඩි උන්ට අත ඇරපු අසාධාරණ බද්දක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...