ගෝල්ෆේස් කට්ටිය සාකච්ඡාවට නොඑනවා නම් ඔහොම්ම දිගටම අරගල කර කර ඉන්න පුළුවන් – මහින්ද

Date:

ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නියැළෙන තරුණ පිරිස් සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන් සඳහා අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අරගලයක් යනවා ඉතිං. එයාලාට විසඳුමක් බලන්න සාකච්ඡා කරන්න එපායෑ ඉතින්. එයාලා සාකච්ඡාවට එන්නෙ නැති තාක්කල් ඉතින් ඒ අරගලය එහෙමම යයි. එයාලාට මට කියන්න තියෙන්නෙ රජයත් එක්ක සාකච්ඡා කරන්න. එයාලා විශ්වාස කරන රජයේ යම් පාර්ශ්වයන් එක්ක කතා කරන එකයි හොඳ කියලායි මම ඒ කට්ටියට කියන්නෙ, යම් විසඳුමක් හොයාගත්තොත් තමයි හොඳ කියලා. නැත්නම් ඉතින් ඒ අරගලය ඔහොමම දිගින් දිගටම කර කර ඉන්න පුළුවන්”

ප්‍රශ්නය – හැබැයි ඔබ මීට කලිනුත් ආරාධනා කළා අරගලයේ ඉන්න තරුණ පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒ කිසිදෙයක් ඉදිරියට ගියේ නෑ ?

“නෑ ඉතින් අපට දන්වලා නෑ කාටවත්. නිකම් ඕනෙ වෙලාවක අරලියගහ මන්දිරය විවෘතයි. මේ කට්ටිය කියනවා නම් අහවල් දවසේ අහවල් වෙලාවට එනවායි කියලා අපි එයාලාට ඕනෙ සාකච්ඡා කරන්න කැමති මැති ඇමතිවරු මම ගෙන්නලා දෙන්නම්. ඒ අයත් එක්ක කතා කරන්න”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවත් සමග ඊයේ (23) පැවති සම්මුඛ සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...