අන්තරේට එරෙහිව ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි. පොලිසියෙන් දැඩි මාර්ග බාධක

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) දිනයේ පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඊයේ කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ගාලු මුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම, දක්වා ගාලු පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දිය, සිට යෝක් වීදිය, ජී.ඕ.එච්. හන්දිය දක්වා, බැංකු මාවත, ලෝටස් මාවත යන ප්‍රදේශ අවහිර කරමින් පැමිණීමට නියමිත මෙම පාගමන මගින් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපළවලට හානිකිරීමේ ප්‍රවණතාවක් ඇති බව බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය ඒ සමග ශිෂ්‍ය සංගමයේ නායකයින් ඇතුළු 16 දෙනෙකුගේ නම් ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙසයි ඉල්ලා තිබුණේ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් පොලිස් ආඥාපනත අනුව ක්‍රියාකිරීමේ බලය පොලිසියට හිමි බවයි.

කෙසේවෙතත් අද උදෑසන වනවිට පොලිසිය පෙරකී මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල දැඩි මාර්ග බාධක ඉදිකර මාර්ග අවහිර කිරීමට කටයුතු කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...