ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා!

Date:

2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 වසරේ ජනවාරි 1 වනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව අනුව 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව ඇත.

ඒ මහතා දශක 4ක කාලයක් පුරා සේවයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකුවන අතර, මානුෂීය මෙහෙයුමේදී 58 සේනාංකයේ සහ කමාන්ඩෝ බළකායට අණදෙන නිලධාරියා ලෙස අවසන් දිනයේ, යුද්ධය අවසන් කරමින් ප්‍රසිද්ධියට පත් විය.

පසුව, 2019 වසරේ අගෝස්තු 19 වන දා යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඒ මහතා 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කල අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යටතේ මෙන්ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරු සිවුදෙනෙකු යටතේ සේවය කර ඇත. Covid 19 ප්‍රධානියා සහ NY හි UN හි ශ්‍රී ලංකා තානාපතිවරයා වූ අතර ඉතිහාසයේ තානාපති තනතුරට පත් වූ පළමු හමුදා නිලධාරියා විය.

ඒ අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, 2025 ජනවාරි 1 වන දින ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් විශ්‍රාම ගන්නා අතර, ඔහුගේ අවසන් සේවා දිනය දෙසැම්බර් 31 වනදා වේ. ඔහු 23 වන සේනාංකාධිපති සහ 8 වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වූ අතර වසර 41 කට ආසන්න කාලයක් සේවය කළ දීර්ඝතම හමුදා නිලධාරියාද වේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...