ශවේන්ද්‍ර සිල්වා. යුද හමුදාවටම එක්කෙනයි.

Date:

ඒ අරගලකරුවන් ගෝඨාභයගේ මිරිහානේ ගෙදර වැටලූ දින රාත්‍රියය.

රාජපක්ෂ පවුලේ සියල්ලන් හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිටියේ ශැංග්‍රීලා හෝටලයේය..ඒ රාජපක්ෂ පවුලේ ඥති විශ්‍රාමික කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යය උත්සවකට එක් වෙමිනි.

ගෝඨාභයගේ ගේ ඉදිරිපිට උද්ගත වී ඇති තත්ත්වය හමුවෙි ප්‍රභු ආරක්ෂකයෝ ජනපති හා අගමැති වහාම හෝටලයේන් එලියට ගත්හ. යුද හමුදාපති විසින් මිරිහානේ තත්ත්වය ගැන කොමාන්ඩෝ බළසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි දැනුවත් කරනු ලැබීය..ඔහු එතැනට ගිය විට එස්.ටී.එෆ්. ප්‍රධානියකු කොමාන්ඩෝ බළසේනාධිපතිට මල්ලී අරගලකරුවන්ට වෙඩි තියන්නැයි කීවේය. එනමුත් ඔහු වෙඩි නොතැබීය. සර් මම ජනාධිපතිගේ සමිප ආරක්ෂාව බලා ගන්නම් .කියමින් ඔහු සිවිල් වැසියන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළේය. පළමු විනාශය කොමාන්ඩෝ බළසේනාධිපති වැළැක්වීය.

මැයි නව වැනිදා අරගලකරුවන් අරලිය ගහ මැදුර වැටලූ මෙහොතේදී මෙහෙයුම් මැදිරියේ සිට ශවේන්ද්‍ර සිල්වාට.යෝජනා කළේ වෙඩි තියන්නට යුද හමුදාවට නියෝග දෙන ලෙසය. එනමුත් ඔහු එය ප්‍රතිෂේප කළේය..ඉහලින් එන අනීතික නියෝග පිළිනොපැදිය යුතු බව හමුදාව විසින් මරා දැමූ කතරගම රෑපසුන්දරී ඝාතන නඩු තීන්දුවේ සෙබළුන්ව එරෙහිව පැහැදිලිවම ඇත්තේය.. එදා වෙඩි නොතබා එදා මහා විනාශයක් වැලැක් වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ තිස්එක් වැනිදා ඉසඹු ලබනු ඇත්තේ නිකම්ම නොවෙි..

තම දිවි නොතකා සගයන්ගේ දිවි බේරා ගැනීම වෙනුවෙන්.වීර විකුම වීභුෂණ.රණ වික්‍රමරණසූර පදක්කම් තුනම මුලින් දිනා ගත් නිලධාරියා ඔහුය. එකල ඔහු කනිටු ලුතිනන් වරයකි.

එයාර් මෝබයිල් බ්‍රිගේඩයට අණ දීමෙන් පසු කොමාන්ඩෝ බළසේනාවට අණ දුන් එකම බළසේනාධිපති ඔහුය..

යුද හමුදාවේ ආක්‍රමණශීලි සේනාංකයකට අණ දුන් ළාබලතම සේනාංකාධිපති ඔහුය.

යුද හමුදා ඉතිහාසයේ ළබාලතම තරු දෙකේ ජෙනරාල් ඔහුය.

වැඩිම කලක් මේජර් ජෙනරාල් නිලය දැරුවේත් ඔහුය.

යුද හමුදා ඉතිහාසයේ සතුරා වනසමින් වැඩිම දුරක් ගිය සේනාංකයට අණ දුන්නේ ද ඔහුය..

සේනාධිනායක එනමි ජනාධිපතිවරු හතර දෙනෙක් යටතේ සිටි යුද හමුදාවෙි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ඔහුය.

වසර හතලිහක් සක්‍රීය සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාත් ඔහුය.

මෙි වර්තා කඩන්නට යළි යුද හමුදාපතිවරයකු බිහි වන්නේ නැත.

සුබ විශ්‍රාම දිවියක් ජෙනරාල් !

Mihiri Fonseka

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...