රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට හැකර් ප්‍රහාරයක්

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙබ් අඩවියෙහි “අතිවිශේෂ ගැසට් නිවේදන” ප්‍රකාශයට පත්කර ඇති කොටසට ගියවිට එහි ඉහළින්ම ඇති ගැසට් නිවේදන තුනක මාතෘකා වෙනස් කරමින් පහත සඳහන් පණිවිඩය සටහන් කර ඇත.

එමෙන්ම අංක 2416/51 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම මකා දමා ඒ වෙනුවට පහත සඳහන් පණිවිඩය ඇතුළත් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව ද ඊයේ (දෙසැම්බර් 30) දිනයේදී සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබුණු අතර එහි පරිපාලනය සම්පූර්ණයෙන්ම හැකරුන් අතට පත්ව තිබිණි.

රටේ අතිශයින්ම වැදගත් ආයතනවල වෙබ් අඩවි, යූටියුබ් නාලිකා මේ ආකාරයෙන් සයිබර් ප්‍රහාරවලට ලක්වීම ශ්‍රී ලංකා රජයේ දත්ත පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...