මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ (LNW):

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් පවසා සිටියේ, මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් මෙතෙක් කල්, ආයතනය තුළ එක්රැස් වී තිබෙන රියදුරු බලපත්‍ර, මසක් වැනි කාලයක් තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

විෂයභාර අමාත්‍යවරුන් ඒ අනුව සඳහන් කර ඇත්තේ, ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමටද පියවර ගන්නා බවයි .

මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරුන් ආයතනයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලා දේපළ, ආයතනය තුල මේ වනවිට ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින්, ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබාදෙන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

මෙතෙක් කලක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පෙන්වු භෞතික දියුණුව වෙනුවට මානව සම්පත සහ කුසලතා වර්ධනයකර, සේවා ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත් එහිදී ඔවුන් අවධාරණය කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...