හිටපු ඇමති මනූෂ රට පැන්න කතාව බොරුවක් !

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය දරු පවුලත් සමග රටින් පළාගොස් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දින කිහිපයෙහි පුවත් සංසරණය වී තිබිණි.

ඒ පුවත් සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍යය බව හිටපු අමාත්‍යාවරයාට සමීප ආරංචිමාර්ග පවසයි.

මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා සාමාන්‍ය පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයින්ද සමග ස්විට්සර්ලන්තය, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කර ඇති බවත් පෙර සැලසුම් කරගත් පරිදිම ඔහු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම තමන්ට එල්ල වන චෝදනා සියල්ලම මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍ය තනතුරේ සිටියදී තමන් ඒ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇතැයි ඔහු පවසන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...