කොට්ටහච්චි ඉන්නෙ කා එක්කද, යන්නෙ කා එක්කද, ඒවා ඒ පවුල්වල අය බලාගනී. මිනිස්සුන්ට වැඩක් නෑනෙ ? – ලාල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රේම කරන අය ප්‍රේම කරගනු ඇති බවත් ඔවුන් තමන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් වගකියා ගනු ඇති අතර සමාජ මාධ්‍යවලට කාගේවත් පෙම්කතාවලින් වැඩක් නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“මම නම් කියන්නේ ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ. ඒගොල්ලො කරගන්න ඒවාට ඒගොල්ලො වගකියයි, වගකියා ගනියි. ඒවා මේ රජයේ දේපළ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. සමාජ මාධ්‍යවලට මොකටද කාගෙවත් පෙම්කතා ? වැඩක් නෑනෙ … ඔය සමාජ මාධ්‍ය මගේ දුව කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා කියලා ඇති තරම් – මං දන්නෑ, රාජ්‍ය මාධ්‍යයත් කිව්වා – කියනකොට මායි දුවයි එක පුටුවේ වාඩිවෙලා ඒවා අහගෙන ඉන්නවා. මේ කැනඩාවෙ ඉන්නවායි කියන එක්කෙනා. මං ඒ දවස්වල මාධ්‍යයට කිව්වෙ මම නොදන්න මගේ දුවෙක් කැනඩාවේ ඉන්නවද දන්නෑ, ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ කියලා. ඉතින් ඕක තමයි, සමාජ මාධ්‍ය කියලා කිව්වාට සමාජ මාධ්‍ය වගකීමෙන් වැඩ කරන්නෙ නෑ. ඉතින් අපි ඒවාට උසාවි ගියෙ නෑ, නඩු දාන්න ගියෙ නෑ. අපෙ දුවයි මායි හිනාවෙලා හිටියා අනේ ඕනෙ එකක් ඔය කියාගත්තාවෙ කියලා. මිනිස්සුන්ටත් කාටවත් වැඩක් නෑනෙ … කොට්ටහච්චි ඉන්නෙ කාත් එක්කද, යන්නෙ කාත් එක්කද, මොකක්ද කියලා ඒක කොට්ටහච්චියි ඒ පවුල්වල අයයි ඒ මිනිස්සු බලාගනියි”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...