ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පුනරුදයේ ඇරඹුම!

Date:

කොළඹ LNW:ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වැටුණු රට ගොඩනගන දීර්ඝ කාලීන සැලසුමක් සහිතව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

එය ආයතනික මට්ටමින්, පාරිසරික වශයෙන්,ආචාර ධාර්මික වශයෙන් පුනර්ජීවනයක් ඇතිවන වැඩපිළිවෙලක් බවයි සුරවීර මහතා සඳහන් කරන්නේ.

”ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල කියන්නේ ඉතා ගැඹුරු,තේරුමක් ඇති,ඒ වගේම මේ වැටිච්ච රට ගොඩනැගීම ඉලක්ක කරගෙන දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඒක ඇතුලේ ජනාධිපති කාර්ය සාධක බලකායක් ගොඩනැගෙනවා. ඒ වගේම ඒකට අදාළ වන පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්  ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පරිසරය ඒවගේම සමාජීය ජීවිත, ඒවගේම ආචාර ධාර්මික පුනර්ජීවනයක් ඉලක්ක කරගත්ත දැවැන්ත වැඩපිළිවෙලක ආරම්භය තමයි මේ . මේක සතියකින් දෙකකින් අවුරුද්දකින් අවසන් කරන  වැඩපිළිවෙලක් නෙවෙයි රට පුනරුදයක් කරගෙන යාම ආරම්භ කරගෙන,අරමුණු කරගෙන ගොඩනගපු වැඩසටහනක්.” යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...