චීන වෛරසයේ ඇත්ත කතාව!

Date:

කොළඹ LNW:චීනය පුරා දරුණු වෛරසයක් යළි පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. නමුත් එය කිසිදු භයානක තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන රජය මේ වනවිට තහවුරු කර තිබෙනවා.

එම වෛරසය වැළදුනු රෝගින්ගෙන් චීනයේ රෝහල් පිරී පවතින බවට ද වාර්තා පළ වුණා. එහෙත් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

හියුමන් මෙටානියුමෝනියා හෙවත් එච් එම් පී වී නැමැති වෛරසයයි මෙලෙස ව්‍යාප්ත වන බවට වාර්තා වුණේ. ශිත සෘතුව ආරම්භ වීමත් සමග ශ්වසන රෝග උත්සන්න වීම සාමාන්‍ය තත්ත්වයක් බව අප කළ විමසීමකදී එරට සිටින ශ්‍රී ලාංකිකයින් ද ප්‍රකාශ කළා.

කෙසේ වුවද පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී එවැනි ශ්වසන ආබාධවල බලපෑම ද අවම මට්ටමක පවතින බව ද වාර්තා වෙනවා. තමන්ට මෙතෙක් කිසිදු සෞඛ්‍යමය බලපෑමක් වාර්තා වී නොමැති බවත්, චීනයේ එදිනෙදා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවත් චීනයේ නන්චන් නුවර සිටින සහකාර මහාචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය ද අප සමග සදහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...