මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්

Date:

දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“දැන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරත් ගැටුමක් තියෙනවා කියලා ආරංචියි. අගමැති කාර්යාලය උත්සාහ කරනවා බහුතරය තියෙනවායි කියලා පෙන්නන්න. ලැබෙන තොරතුරු අනුව නම් දැනට 35ක් වගේ තමයි අත්සන් කරලා තියෙන්නෙ. පවුලේ ඉන්න අයවත් ඇවිල්ලා අත්සන් කළේ නැහැයි කියන එක තමයි දැනට තියෙන ආරංචිමාර්ග. අයියා අත්සන් කළේත් නැහැලු. අපට දැන් පේන්න තියෙන්නෙ ජනාධිපතිතුමාගේ නිලයේත් ආණ්ඩුවේත් ආයුෂ එන්න එන්නම කෙටි වේගෙන යනවා. තවත් මේ රට අගාධයට නොහෙළා අයින් වෙන්න කියන පණිවිඩය තමයි අපටත් දෙන්න තියෙන්නෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...