Thursday, June 1, 2023
spot_img

Latest Posts

නඩු විභාගයක් අවසන් වන තුරු හිටපු මහ බැංකු අධිපතිට විදෙස් ගමන් තහනමක්!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩු විභාගයක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

මහ බැංකු අධිපතිවරයාව සිටි සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ විසින් ගොණුකර තිබෙන පෙත්සමක් විභාගයට ගනිමිනුයි මෙලෙස නියෝගයක් දී ඇත්තේ.

ඒ අනුව ලබන ජූනි 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දන්වා කබ්රාල් මහතාට නියෝග කර තිබේ.

2006 සිට 2015 දක්වා වූ කාලය තුළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිව සිටි සමයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ද නොමැතිව ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ඇමරිකානු ජාතික සුබෙරි නැමැත්තෙකුට ගෙවා ඇති අතර එමගින් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී පරිහරණයක් සිදුව ඇති බවට චෝදනා කරමිනුයි පැමිණිල්ල ගොණු කර ඇත්තේ.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසිනි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.