තහනම් දේ ගැන අලුත්ම තත්ත්වය යාවත්කාලීන වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 ,(LNW)කොළඹ :

ලෝක තහනම් උත්තේජන ඒජන්සිය විසින් 2025 ජනවාරි පළමුවැනි දින සිට බල පැවත්වෙන පරිදි තහනම් උත්තේජන ඖෂධ ලැයිස්තුව යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර ඇත.
තහනම් ලැයිස්තුව යනු ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට (කේතය) අත්සන් කරන සියලුම දෙනා සඳහා අනිවාර්ය වන ජාත්‍යන්තර ප්‍රමිති අටෙන් එකක් වන අතර තරඟය තුළ සහ ඉන් පිටත තහනම් කර ඇති ද්‍රව්‍ය භාවිතය අනුව දඬුවම් නියම වේ.


යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට නව තහනම් ද්‍රව්‍ය, ඇතැම් ඖෂධ සඳහා මාත්‍රා කාල පරතරයන්හි වෙනස්කම් සහ හිම ක්‍රීඩාවලදී හෘදය ස්පන්ධනය මන්දගාමී කරන බීටා-බ්ලෝකර් ඉවත් කිරීම ද ඇතුළත් කර තිබෙන බව සැළවේ.ඇතැම් ඖෂධ අලුතින් හඳුනා ගැනීම මෙන්ම ඇතැම් ඖෂධ ඉවත් වීම ආදියද ඇතුළත් වන නව යාවත්කාලීන කිරීම ක්‍රීඩාවේ නියැලෙන සියලු දෙනාට වැදගත් අතර පහත සබැඳියාව යොදා ගෙන ඊට පිවිස අදාළ ලේඛණය භාගත කිරීමට ද හැකියාව ඇත.
https://bit.ly/4h7yxqW

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...