*
Friday, January 10, 2025
spot_img

Latest Posts

ක්‍රීඩාවටත් ක්ලීන් ශ්‍රී ලංකා…?

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 ,(LNW)කොළඹ :

ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සිතීම ද ක්ලීන් විය යුතුය.ක්ලීන් මිනිස්සු කුණු තවරා පසෙක තබා,කුණු සුදු අතුරා අසුන් ගත කරන තත්ත්වයන් ක්‍රීඩාවේද ඇත.


මේ සඳහා වන සරලම උදාරණය අපට හමුවන්නේ රගර් ක්‍රීඩාව ඇසුරේය.එහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් දඬ ගසන තත්ත්වයට පත් කරමින්,එම දඩය ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාරවලින් අඩු කර ලංකාවේ රගර් සංවර්ධනයට වින කරපු අය,ව්‍යවස්ථානුකූලව පත් රගර් පරිපාලනයට උඩින් සිටින සේ තනතුරුවලට පත් කරේ මේ රටේ ඇමතිවරුය.තවත් ඇමතිවරු දේශපාලන උවමනාවන්ට රගර් හසුරුවා රගර් ණය කළ පුද්ගලයින් ජාතික ක්‍රීඩා සභාවේ හිඳුවා තැබීය.


ඇමතිවරු මේ අශුද්ධ බලවේග සමඟ එකතු වී ආසියාවට කඹුරමින් සහ ආසියාවෙන් ලංකාවේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමට එරෙහිව ආසියානු සභාපතිට පෞද්ගලිකව විරෝධය පළ කරමින් ලංකාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ආසියාව සමඟ එකතු වී තහනම් කර දැමීය.එම තීරණයට පාඩ එලුවා පමණක් නොව,ඔහුට යළි ඉඩක් නො‘එන සේ යම් යම් උඟුල් අටවන්නටද කුමන්ත්‍රණ කළේය.


පරීක්ෂණ වාර්තාවක්,චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයාගෙන් කරන ලද කරුණු විමසීමක් නැතුව රටේ රගර් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයාට තහංචි දැමුවද,රටේ රගර්ලට වින කළ අය අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ දකුණු අත් කර ගත්තේය.අද හෝ මේවා ක්ලීන් කර සාධාරණය ඉටු කර රටේ රගර් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ට වින කළ ජාත්‍යන්තරය ප්‍රශ්න කළ යුතුය.

මලල ක්‍රීඩා
අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වශයෙන් සහභාගි වීමට තිබුණු ක්‍රීඩා උළෙලවල් වැළකී ගියේය.ඊට හේතුව රටේ ක්‍රීඩාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවේය.අවශ්‍යය වීසා නිසිකලට ලබා ගැනීමට අවශ්‍යය කටයුත් නොකිරීමය.ඒ නිසා ශ්‍රී ලංකාවේ මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනයට තිබුණු මහඟු අවස්ථාව නැති විය.යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටද මේ තත්ත්වය බලපෑවේය.එසේම ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට ද එම තත්ත්වයම බලපෑවේය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියමයන්ට අනුකූල නොවන අන්දමට අවස්ථා කිහිපයක පාසල් සිසුවියන් සිටියදී අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජනය නොසළකා හැරියේය.වරක් ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමය නොවී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාව ගත් තීරණය වත්මන් නියෝජ්‍ය ඇමතිවරයා හා සමකාලීන වූ ක්‍රීඩිකාවකද සම්බන්ධ වී සිය කමිටුව විසින් තීරණය කළ ව එවකට බලධාරියා සේ සිටි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන මාධ්‍යයට කීවේ එය වරදක් හැටියට නොවේය.නිවැරදි බව අදාළ නිලධාරිණියගේ ක්‍රීඩා සමයේ අත්දැකීම් ද උලුප්පා දක්වමින්ය.ඇය ද සේවය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේමය.


කෙසේ වුවත් රටක් වෙනුවෙන් ලොවක් අභිමුව පෙනී සිටින්නට සිය දක්ෂතාවයන්ගෙන් තේරී පත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිලධාරීන් යුහුසුළුව ක්‍රියා නොකළ නිසා විදෙස්ගත වීමට නොහැකි වීය.බාධා ඇති විය වැනි කරුණු ගැන සැරට කතා බස් සිඳු වුණ ද ඒවා සිව් අතට ඇඟීළි දිගු වෙමින් තිබී නිහඩ විය.ඇත්තටම එම වැරදි සිඳූ වූ අතීතය නිසා ලංකාවේ ක්‍රීඩාවේ අනාගතයට විශාල ලෙස හානි සිඳු වූ බව නොකියා බැරිය.ඒ නිසාම අනාගතයට ද වැරදි නොකර සිටීමට,රාජකාරිය පැහැර නොයවා සිටීමට ඒ ඇඟිළි දිගු වූ කුමන සංවිධාන ව්‍යහුයක වගකිවයුත්තන් සිටියත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වටින්නේය.

ඔලිම්පික් කමිටුව
මලල ක්‍රීඩාවේම චෝදනා දෙකක විශාල කොටස් කරුවෝය.යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනයට වීසා ලබා ගැනී වැළකීම ගැන මෙන්ම මෑතකදී වීන තායිපේ වෙත වීසා ලබා නොදී ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් සහ පුහුණුකරු සහ කළමණාකරු ලෙස අමාත්‍යංශයේම ඉහළ නිලධාරියෙක් ඊට සහභාගි වුණත්,අවශ්‍යය පරිදි එම රාජ්‍යය පනවා තිබෙන වීසා කොන්දේසි ඉටු කර නොතිබීම නිසා ඔවුන් රටෙන් පිටුවහල් කරනු ලැබුවා.ඉසව්වට සහභාගිවීමට අවස්ථාව ලැබුණෙත් නැහැ.වඩාත්ම අපූරු සිඳුවීම මෙම සිදුවීමට ආසන්න ඉතිහාසයක ඒ ආකාරයට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති ද එරටට වද්දා නොගෙන තිබියදී,ඒ බවවත් නොතකා සභාපතිටත් නොකියා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් කටයුතු කරමින් මේ ආකාරයට කටයුතු කිරීමයි.


ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සංගම්වලට අත තබන්නට නොයන බව පෙනෙන්නට තිබෙනවා.එය වැදගත්.ඒ ආකාරයටම ඔහු නිතර ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් සිහින අභියෝගයට ලක්වෙන සහ අපකීර්තියට පත්කරන නිලධාරීන්ගේ අසමඟිය විසඳාගන්නා ලෙසත් උපදෙස් දෙනවා.ඉන් එහාට ඔහුට යන්න බැහැ.එවිට දේශපාලන බලපෑමක් විය හැකියි.
චෝදනා නිසා ඉවත්වන්නට කියන ලේකම්වරයා ඉවත් නොවීම නිසා හටගෙන තිබෙන මේ තත්ත්වයට අමාත්‍යවරයාට රටේ ඔලිම්පික් ගැන සිතා මැදිහත්විය හැකි ඉඩක් ද තියෙනවා.මේ මොහොතේ ක්ලීන් කරමින් ඉන්න ලේබලයම යොදා ගෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය සතුව තිබෙන චෝදනා සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබා ගැනීම එයයි.එහිදී ඔලිම්පික් කමිටු ලේකම්වරයා වරදකරු විය හැකියි.එසේත් නැතිනම් ඉදිරි පරීක්ෂණ කිරීමට ඔහු බාධාවක්නම් එය අධිකරණය විසින් පවසයි.ඒ දෙකම නොවී ඔහු නිදොස් බව ප්‍රකාශ කරන්නටත් හැකියි.කෙසේ හෝ මේ තීරණය රටේ අධිකරණයෙන් ලබා ගත් පසු එය ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් සහ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට තීරණය කිරීම පහසුයි.
ඒත් තවමත් කැබිනට් මණ්ඩලයට මේ ඇති වී තිබෙන තත්ත්වය ගැන කිසිවක් නොකීම ප්‍රශ්නකාරී බව තව තවත් තිව්ර කරමින් තිබෙනවා.ඒ නිසා රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පොදු නීතිය ඉදිරියේ තිබෙන කරුණු කාර්යක්ෂමව විසඳා ගැනීමට අමාත්‍යවරයාට ඇති බලතල ක්‍රියාත්මක කර උපදෙස් දිය හැකිනම් අත පිච්චෙන තත්ත්වයක් උදා වෙන්නේ නැහැ.


නෙට්බෝල්
බරපතල තත්ත්වයක් මතුව තිබෙනවා.මෙම නිලවරණය කල්යාමට බල පෑ එක හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අප ඇතුළු තවත් ප්‍රධාන මාධ්‍ය පෙන්වා දුන් පරිදි එම නිලවරණයේදී යාපනය දිස්ත්‍රික්කයට කරන අසාධාරණයයි.ශ්‍රී ලංකාවේ නෙට්බෝල් කණ්ඩායම මෙවර ආසියාවේ පරාජය වුවත්,ඔවුන් ආසියාවේ ඉහළම දක්ෂතා ඇති කණ්ඩායම බව නොරහසක්.
ඒත් හැමදාම පරිපාලනය අර්බූදයට යන විට එහි පීඩනය පැටවෙන ක්‍රීඩිකාවන් අසාර්ථක වීම සාමාන්‍ය තත්ත්වය වී තිබෙනවා.නිරන්තරයෙන් මේ සංගම්වල නෝනාවරු බලය වෙනුවෙන් දෙපැත්තට ගසා ගන්නා ගල් මුඟුරුවලින් සිඳුවන්නේ මැද තිබෙන ක්‍රීඩාව සහ ක්‍රීඩිකාවන් අසාධාරණ ලෙස පීඩනයට සහ අසාධාරණයට ලක්වීමයි.


මේ නෝනාවරුන්ගේ ගැටුමටනම් මීට වඩා මැදිහත්වීමක් හෝ වසර කිහිපයක අමාත්‍යංශය යටතේ වැඩ පිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් බෙදී වෙන් වී තිබෙන පාර්ශව කිහිපය සහ ජගත් සම්මේලනයටද ආරාධනා කර සාකච්ඡාවකට ගොස් සම්මුතියකට ඒමට හැකිනම් වැදගත්.ලංකාව දිණුවම කොඩිය ඔසවාගෙන යාම ප්‍රධාන කොට අරමුණ කරගෙන සිටින නෝනලා කණ්ඩායම් කොඩියට ලැජ්ජා වෙන් විදිහට හැසිරෙන හැටිනම් අශෝභනයි,අශිෂ්ඨයි.

තවත් ක්‍රීඩා ගණනාවක් ගැන කතා කළ හැකියි.එහෙත් අත ළඟ තිබෙන මේ ගැටළු විසදා ගැනීමට මැදිහත්වීම සහ නව මානයකට ක්‍රීඩාව රැඟෙන යන්නට අවශ්‍යය මැදිහත්වීම කිරීමට නව මානයන් ගැන සිතීම වැදගත්.මෙහිදී ජාත්‍යන්තරය සමඟ හෝ අසාධාරණ ලෙස රටේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණයක් ගෙන ඇත්නම් ඒ පිළිබඳව විමසීම වැදගත් වෙනවා.අතාර්කිකව වචන පේළියක් හෝ ආසියානු සංගම් ලෝක සංගම් කී පමණින් පිළිගැනීමට බැදී නැති අතර ඒවා නෛතිකව සහ තාර්කිකව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට රටේ නීතිය හරහා දැණුම් දීමක් කළ හැකියි.


සමහර ලෝක ක්‍රීඩා පරිපාලනයන් ලංකාවේ ශුද්ධ වූ මිනිසුන් වෙනුවෙන් නොව අශුද්ධ වැරදිකාරයන්ගෙන් පාර අසා ගනිමින් තිබෙන බව පැහැදිළි කර ශ්‍රී ලංකාවෙන් ලෝකයට ගොස් වගකීම් ගනු ලබන පිරිස් ද වඩාත් යහපත් ලාංකික පුරවැසියන් කිරීමට මැදිහත්වීම ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් කළ යුතුව තිබෙනවා.ශ්‍රී ලංකාවේ නීතියෙන් වගේම රජයක ප්‍රතිපත්ති මත එරට ක්‍රීඩාවේ හැඩය ගැන ගනු ලබන තීරණ කිසිඳු ලෝක සම්මේලනයකට ප්‍රතික්ෂේප කළ නොහැකියි.ඒ අනන්‍යතාවයට ඉඩ දෙමින් කටයුතු කළ යුතු වෙනවා.වංචාවක් දූෂණයක් කරන සංගමයක්,පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීම,ඔවුන්ට රැකවරණය නොදීමෙන් මෙපිට සිට යහපත්ම පාලකයන් ක්‍රීඩාවන්හී බලය සහිත පුද්ගලයන් කිරීමට අවශ්‍යය හැඩතල ගැන සිතීම වැදගත් මෙන්ම එක එක ඇරියස් ආවරණය කරමින් පසුගිය කාලය පුරා ක්‍රීඩා පණතේ සංශෝධන කරන්නට අමාත්‍යවරු මැදි වුණේ ඔවුන්ට ගෝචර නොවන,පුද්ගලයින් සහ කණ්ඩායම් පරිපාලනයෙන් ඉවත් කිරීමට මිස ක්‍රීඩාව ගැන ආදරණිය අදහමකින් නොවන බව පැහැදිළියි.


ඒ නිසා වාර ගණන,වයස වැනි පුද්ගලයන් පළවා හැරීමට ගත් තීරණ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීනම් හැකියි යන තැනට ගෙන සියලුම් ක්‍රීඩා සංගම් සම්මේලන ඉහළ නිලධාරීන් තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරිම වැදගත් වෙනු ඇතැයි සිතිය හැකියි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan