වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකට ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා , වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂක එච් ටී එම් තුෂාර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පසුගියදා නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය මුල් කරගෙන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

එම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් කටයුතු කළ ආකාරය පිළිබඳවද පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසේ.

මේ අතර, පසුගියදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බව පැවසේ.

ඒ අනුව අද (13) දින ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයානියෝග කර සිටියේ, අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...