රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළ, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.