චම්පිකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය අද (10) තාවකාලිකව ඉවත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුකරය මඟින් එම තහනම පනවා තිබුණු අතර මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දී ඇත.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර අප්‍රේල් මස 20 වැනිදා ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...