තවත් ඖෂධ වංචාවක් – කෙහෙළියගේ මගඩිය හෙළි කළ වෛද්‍ය චමල් උසාවි යන්න සැරසෙයි

Date:

ක්ලොර්හෙක්සීඩීන් chlorhexidine නම් මුඛය පිරිසිදු කිරීමට භාවිතා කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදී ගැනීමට රැපියල් මිලියන 37 කට ආසන්න වටිනාකමකින් යුතු ටෙන්ඩරයක් දැනටමත් අසාධු ලේඛනගත කර සිටින, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්‍රදානය කිරීමට වර්තමාන රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ටෙන්ඩර් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයෙ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

Advanced Chemical industries Ltd නම් බංග්ලාදේශ සමාගම මෙරට රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් නොගෙන විම මත දැනටමත් අසාධු ලේඛනගත කොට ඇති සමාගමක් වන බවත් මෙකී නිෂ්පාදනය සඳහා මෙම ටෙන්ඩරයේ ප්‍රදානය කරන දිනය වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචිය හෝ ලොව පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධාන රසායනාගාරයක ප්‍රමිති සහතිකය පවා නොමැති තත්ත්වයක් යටතේ ඔවුන්ගෙ ඖෂධ මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයාද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාද ප්‍රමුඛ ටෙන්ඩර් කමිටුව තීරණය කළේ කුමන පදනමක් මතදැයි විමර්ශනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් 124,200 ක් හෙවත් රුපියල් මිලියන තිස් හතකට ආසන්න මුදලක් වටිනා ටෙන්ඩරය මෙම සමාගමට ලබාදීමේදී ටෙන්ඩර් කමිටුවේ පරස්පර විරෝධී තීරණ කිහිපයක් නිරීක්ෂණය වන බැවින් මෙම ගනුදෙනුව ප්‍රශ්න සහගත බවත් චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබිණි.

මෙවන් සුභසිංහ ආරච්චි, වෛද්‍ය ඒ. ජාගොඩ , ඩී. එන්. දේවසුරේන්ද්‍ර යන පිරිස මෙම ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කොට ඇති අතර DHSP/WW/15/2025 ටෙන්ඩර් අංකය යටතේ පසුගිය දෙසැම්බර් මාසයේදී නව රජය යටතේ පත්කළ නිලධාරීන් විසින් මෙම ගනුදෙනුව සිදුකළ ඇති බැවින් වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකොට යම් ආක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව පියවර ගන්නා ලෙසයි ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ.

ලියාපදිංචිය නොමැති සමාගම් හා අසාධු ලේඛනගත සමාගම් වලට ලියාපදිංචිය ලබා දෙන පදනම මත ටෙන්ඩරේ ප්‍රධානය කිරීම නිසා බාල ඖෂධ වංචාවන් සිදුවී ඇති බව දැනටමත් අධිකරණය හමුවේ සනාථ වී ඇති තත්ත්වයක් යටතේ එම ගනුදෙනුවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් තවදුරටත් අමාත්‍යාංශයේ විවිධ නිලතල දැරීම නිසා මේ අන්දමට අක්‍රමිකතා දිගින් දිගටම සිදුවන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...