කොරතොටින් හමුවූ අයිස්:වටිනාකම රු.කෝටි 04ක්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

කොරතොට, වැලිහින්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව හෙරෝයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගත් බවයි. එම සියලු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 04කට අධික බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...