මහින්දව අයින් කරලා අපි අගමැති කරන්නෙත් පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් – ගම්මන්පිල (VIDEO)

Date:

විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“ආණ්ඩුවේ ඉවත්වීමක් සිදුවෙන්නෙ නැත්නම් අපි මේ විශ්වාසභංග යෝජනාව මේ සතිය ඇතුළත භාරදෙනවා. අපි හැබැයි ඊට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ජනතාව විසින්වත් මන්ත්‍රීවරුන් විසින්වත් ඉවත් කරන්න කලින් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය නික්ම යාමකට පසුබිම සලසාවි කියලා. අපි අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන්නෙත් හැමෝටම පිළිගත හැකි පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් අගමැති තනතුරට පත් කරගෙන. සියලුම පක්ෂ එකතුවෙලා කවුද ඒ මන්ත්‍රීවරයා කියලා තීරණය කරගන්න ඕනෙ. අපේ පක්ෂ අතර දැනට නමක් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ නම දැන්ම නොකියන්නේ ඒ වැඩේ සාර්ථක වෙන්න ඕනෙ නිසා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...