ලිමන්සාගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 15 ,(LNW)කොළඹ :

අද දින (ජනවාරි 15) පැවති,මැලේසියාවේ පැවත්වෙන කාන්තා ලෝක කුසලානයට අදාළ පෙර පුහුණු තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලිමන්සා තිලකරත්න ලකුණු 6 ට කඩුලු 5 ක් දවා ගනිමින් පෑ දස්කම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 76 ක පහසු ජයක් ලබා ගන්නට හැකි වුණා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 18.2 දී සැමෝවා කණ්ඩායම ඉදරියේ ලකුණු 114 ට දැවී ගියා.එය සැමෝවා වැනි කණ්ඩායමක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ පිතිකාරිණියන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි අවසානයක් ලෙස ගත හැකියි.කණ්ඩායමේ අංක 10 පිතිකාරිණිය ලෙස අශිනි තලගුණේ රැස් කළ ලකුණු 23 නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ලකුණු 100 සීමාවටද යාමට හැකි වෙන්නේ නැහැ.ඇය අවසාන කඩුල්ල වෙනුවෙන් ප්‍රමුදි මෙත්සරා සමඟ ගොඬනැඟුව ලකුණු 44 ක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට සැමෝවා ඉදිරියේ ලකුණු 100 ට වඩා අඩු ලකුණු ගණනකට දැවී යාමට තිබුණු ඉඩ ඇහිරී ගියා.


සැමෝවා කණ්ඩායම පන්දුවෙන් දක්වන ලද දස්කම් යහපත් අතම රදවා ගැනීමට සැමෝවා පිතිකරණ බල ඇණිය පොහොසත් වුණේ නැහැ.ඊට තදින්ම බලා පෑ හේතුව වූයෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලිමන්සා තිලකරත්නයි.ඇය පන්දු වාර 2.4 ක් පමණක් වැය කරමින් ලකුණු 6 ට කඩුලු 5 ක් දවා ගනිමින් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් කරා යන්නට ශ්‍රී ලංකාවට මඟ පෙන්වනු ලැබුවා.චමුදි ප්‍රබෝධා දිය පන්දු වාර 4 ම නිමා කළ අතර ඇය ලකුණු 6 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.


එහෙත් මීට පෙර තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 124 හඹා ගොස් ජය ගන්නට බංගලාදේශය සමත් වුණා.ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු 124,පන්දුවාර 18.3 දී ඉක්මවා ගොස්,කඩුලු 5 ට ලකුණු 125 දක්වා සිය ඉණිම ජයග්‍රහණය කරා රැඟෙන ගියා. එම ගමනේ දී ය. ජුවාරියා ෆෙර්ඩෝස් පන්දු 42 ක් තුළ ලකුණු 55 නොදැවී ලබා ගත්තා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...