වමේ ආණ්ඩුවක්නේ තියෙන්නේ. ඒ නිසා අපි දැන් දක්ෂිණාංශික කඳවුර එකට එකතු කරනවා – මරික්කාර්

Date:

කොළඹ LNW: දැන් සිදුවන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් දක්ෂිණාංශික කඳවුර ඒකාබද්ධ කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (15) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

එම එකතු වීම තුළ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව තවත් කුඩා කුඩා බලවේග සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර එම සාකච්ජා සඳහා නිල වශයෙන් පත්කිරීම් කර තිබෙන බවත් එහි ප්‍රගතිය දැනුම් දෙන බවත් මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

”එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. වර්තමානයේ තියෙන්නේ වාමාංශික රජයක්. ඒ නිසා දක්ෂිණාංශික කඳවුර ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක් තමයි යන්නේ. එතන එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා අනෙක් කුඩා කුඩා බලවේගත් ඉන්නවා. ඒකට අපි නියෝජිතයෙක් නිල වශයෙන් පත්කරලා තියෙනවා. සාකච්ජා ඉවර වුණාම ඒකේ ප්‍රගතිය අනිවාර්යයෙන් දැනුම් දෙනවා. මෙතන තියෙන්නේ දක්ෂිණාංශික කඳවුර එකතු කිරීම විනා කවුද නායකයා, කවුද මහ ලේකම්, කවුද ජාතික සංවිධායක කියල වගේ තෝරන සංගීත පුටු තරඟය වගේ එකක් නෙවෙයි. මොකද දේශපාලනය කියන්නේ බලය ලබාගැනීම. බලය ලබාගැනීම සඳහා ඒකරාශී වෙන්න ඕනේ,ඒකාබද්ධ වෙන්න ඕනේ,සන්නද්ධ වෙන්න ඕනේ. සුදුසු නායකයා එක්ක තමයි ඒක යන්නේ. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසනයක්වත් නැහැ. සමඟි ජන බලවේගය මේ රටේ ප්‍රධාන විපක්ෂය, මන්ත්‍රී ධූර 40ක් එක්ක තියෙන පක්ෂයක්. ඒක අනුව ගොඩක් දේවල් තීරණය වේවි.” යනුවෙන් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...