චීන – ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් වෙයි. ද්විපාර්ශ්වික සහයෝගීතා රැසකට එකඟතාව!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල සාකච්ජාව අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 68 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇත.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණඩව ගැඹුරින් පවත්වා ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

චීනය සෑම විටම මෙන් ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වමින් ශ්‍රී ලංකාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කොට රට පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටී.

කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නව වසර ආරම්භයේදී චීනයේ සංචාරයට එක්වීමට ලැබීම පිළිබඳව තමා ඉතා සතුටු වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. චීනය සැම විටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරෙකු සහ සහකරුවෙකු වේ. චීනය සමඟ ඇති සබඳතාව ශ්‍රී ලංකාව ඉතා වැදගත් කොට සලකන අතර, එකම චීනය යන මූලධර්මය තරයේ පිළිපදින බව හෙතෙම සඳහන් කළේය. ගෝලීය දකුණේ ඉතා වැදගත් නායකත්ව රටක් වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබේ. චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව, දෙරටේ නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගීතා ලිපිලේඛන මාලාවක් අත්සන් තැබිණ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...