සයිෆ් අලි ඛාන් පිහි ප්‍රහාරයකට ලක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් බන්ඩ්‍රා (බටහිර) හි පිහිටි ඔහුගේ සහ බිරිඳ කරීනා කපූර්ගේ නිවසට කොල්ලකරුවෙකු කඩා වැදී එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අද(16)අලුයම 2.30ට පමණ සිදු වූ මෙම සිදුවීම හේතුවෙන් සයිෆ් අලි ඛාන් ලීලාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට ශල්‍යකර්මයක් ද කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලීලාවතී රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිරාජ් උත්තමානි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, නාදුනන පුද්ගලයකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයක් හේතුවෙන් සයිෆ්ට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් ගැඹුරු බවත්, ඉන් එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට සමීපයේ වන අතර ස්නායු ශල්‍ය වෛද්‍ය නිතින් ඩැන්ගේ, රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍ය ලීනා ජේන් සහ නිර්වින්දන වෛද්‍ය නිශා ගාන්ධි විසින් ඔහුට ශල්‍යකර්ම සිදු කරනු ලබන අතර ශල්‍යකර්මයෙන් අනතුරුව හානියේ ප්‍රමාණය සඳහන් කළ හැකි බවයි.

අනතුර සම්බන්ධයෙන් බන්ද්‍රා පොලිසිය කොල්ලකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර මේ වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...

මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට...