හංසනී ගෝමස් බරෙන් ගුවනට යළිත් ගෞරවය ගෙන දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 16 ,(LNW)කොළඹ :

ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ බර ඉසිලීමේ තරගාවලිය කොළඹ ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර එහිදී කාන්තා අංශයේ දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් හංසනී ගෝමස් සමත් වූවාය.ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රාහිකාවක ලෙස රටටත්,ගුවන් හමුදාවටත් ගෞරවය ගෙන දෙන ක්‍රීඩිකාවක වන හංසනී මෙම තරගාවලියේදී ද සිය දක්ෂතාවලින් යළිත් වරක් ගුවන් හමුදාවට කීර්ති ගෙන දෙන්නට සමත් වූවාය.


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 1ක් දිනා ගනිමින් ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.එමෙන්ම ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය දිනාගනු ලැබිය.

මෙම තරගාවලියේදී ශ්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග වැදුනු නායක ගුවන් භට රුචිර ජයසේන විසින් කිලෝග්‍රෑම් 89 බර කාණ්ඩයේ කිලෝග්‍රෑම් 135 බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ගුවන් කාන්තා මදුෂිකා ප්‍රේමරත්න විසින් කිලෝග්‍රෑම් 45 බර කාණ්ඩයේ කිලෝග්‍රෑම් 66 බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබීය.

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාවේ කොමදෝරු රොෂාන් දිසානායක, ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොම‌ඩෝර් දිනේෂ් ජයවීර ඇතුලු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සූරතාවය දිනා ගත් කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම සහ අනු සූරතාවය දිනා ගත් පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම තම නිලධාරීන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...