කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් අසල වෙඩි තැබීමක්!

0
402

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

අද (16) දහවල්, කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව ඇත.

කොහුවල පොලීසිය සඳහන් කළේ , මේ හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි .

වැඩි දුරටත් වාර්තා වන්නේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.