සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 17 ,(LNW)කොළඹ :
වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඩී’ කාණ්ඩයේ පන්දු වාර 40 ලීග් ක්‍රිකට් තරගාවළිය සදහා අඛණ්ඩව පස්වන වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර නිශ්පාදන සමාගමක් වන සීමාසහිත සිලෝන් බිස්කට් [CBL සමූහය ] ඉදිරිපත් වී ඇත. මෙවරද ජයග්‍රාහකයිනට ‘සීබීඑල් – මන්චි කුසළාණය’ [CBL – Munchee Trophy] පිරිනැමෙනු ඇත.
වෙළද සේවා ක්‍රිකට් සංගමයට නිල වශයෙන් අනුග්‍රාහකත්වය ප්රදානය කිරීමේ උත්සවය සහ මාධ්‍ය සාකාච්ඡාව 2025 ජනවාරි 15 වන දින පස්වරු 6.30 ට වෙළද සේවා ක්‍රිකට් සංගමයේ ලෙජන්ඩ්ස් ශාලාවේ පැවැත්විණි.
එම අවස්ථාවට සිමාසහිත සිලෝන් බිස්කට්ස් සමාගම නියෝජනය කරමින් එහි වෙළද කළමණාකාර විජිත නිශාන්ත සහ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකාර ජයසංක පෙරේරා සහ වෙළද සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි සභාපති මහේශ් ද අල්විස් සහ උප සභාපති සිරෝශ ගුණතිලක සහභාගී වූහ. මේ සමඟ දැක්වෙන්නේ එම අනුග්‍රාහක චෙක්පත අනුග්‍රාහකයන්ට ලබා දුන් අවස්ථාවයි.
තරගාවලියේ ස්වභාවය
තරගාවළිය සදහා කණ්ඩායම් 15 ඉදිරිපත් වී ඇති අතර ඔවුන් 2024 දෙසැම්බර් හතර [04] වනදා සිට කාණ්ඩ තුනක් යටතේ තරග වැදුනි. අවසන් තරගය 2025 ජනවාරි විසිපස් [25] වන දින පැවැත්වීමට නියමිතය.
තරගාවලිය අදියර දෙකකින් පැවැත්වෙන අතර, පළමුවන අදියර තරග 30 කින් සමන්චිත ලීග් [league] තරගාවලියක් වූ අතර දෙවන අදියරේ ස්වභාවය වන්නේ අවසන් මහා තරගව ඇතුලුව තරග හතකින් සමන්චිත පිළිමළුන් පිටු දැකීමේ [knock out] අදියර යි.
සහභාගී වන කණ්ඩායම් සහ ඔවුන් ඇතුලත් කාණ්ඩ
A කාණ්ඩය – හේමාස් සමුහය [Hemas Group], ද රිකවරි රූම් [The Recover Room] , පීපල්ස් ලීසිං පීඑල්සී [Peoples Leasing PLC] , කල්ම්බො ඩොක් යාර්ඩ් [Colombo Dockyard] , යොකොහෝමා ටීඩබ්ඇස් [Yokohoma TWS]
B කාණ්ඩය – ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා [Airports amd Aviation] , අබාන්ස් සමූහය [Abans Group], නේශන්ස් ට්‍රස්ට් බැංකුව [Nations Trust Bank] , HNB ෆිනෑන්ස් [HNB Finance], පවර් හෑන්ඩ් ප්ලාන්ටේශන්ස් [Power Hand Plantations]
C කාණ්ඩය – සෙන්ට්‍රල් ෆිනෑන්ස් [Central Finance] , මිලේනියම් IT [Millenium IT] , ටීජේ ලංකා [TeeJay Lanka], ඩෙල්මේජ් සමූහය [Delmege Group] , සේලාන් බැංකුව [Seylan Bank]
ලීග් තරග වටය අවසානයේ කාණ්ඩ තුනේ පළමු සහ දෙවන ස්ථාන අත් කර ගන්නා කණ්ඩායම් දෙක සහ ඉතිරි කණ්ඩායම් අතරින් හොදම කණ්ඩායම් දෙකත් අර්ධ අවසන් පුර්ව [Quarter Finals] වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා ඇත.
විශේෂ ත්‍යාග සහ ඉකුත් වසර
හොදම පිතිකරු, හොදම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවළියේ වීරයා සදහා සීමාසහිත සිලෝන් බිස්කට් විසින් විශේෂ ත්‍යාග හතරක් පිරිනැමෙනු ඇත.
ගිය වසරේ පැවති තරගාවළියේ 2024 ජනවාරි හය වනදින වෙළද සේවා ක්‍රිකට් සංගම් පිටියේ පැවති අවසන් තරගයේ දී මෙල්වයර් රෝලිං පුද්ගලික සමාගම සීමාසහිත නේශන්ස් ට්‍රස්ට් බැංකුව එක් කඩුල්ලකින් පරදවමින් සිබිඑල් – මන්චි කුසළාණය අත් කර ගත්හ.
ක්‍රීඩක පාලන කණ්ඩායම [PCT]
සෑම තරගයක් සදහාම, වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද තරග තීරක වරයකු, වෘත්තීය ක්‍රිකට් විනිසුරු සංගමයේ [APCU] තරග විනිසුරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන් පත් කරනු ඇත.
නිල තරග පන්දුව
අවසන් තරගය ඇතුළුව, සෑම තරගයක් සදහාම වෙළද සේවා ක්‍රිකට් සංගමයේ ලංජනය සහිත ‘ග්‍රේස් ඇවැන්ජර්’ [Grace Avenger] රක්ත වර්ණ පන්දු භාවිතා කරනු ලබනු ඇත.