මස්කෙළියේ ගින්නෙන්, ලයින් කාමර 08ක පදිංචිව සිටි 17 දෙනකු අවතැන්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):

මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) ඊයේ (17) දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව තිබෙන බව වාර්තා වේ.

17වන දින රාත්‍රි 11.45ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08ක පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති බව සඳහන් වන අතර, මේ වන විට එම පිරිස එම වතුයායේ පුස්ථකාලයේ තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

මෙම වතු නිවාස පේලියේ වතු නිවාස 12ක් ඇති අතර එයින් වතු නිවාස 08කට මෙම ගින්නෙන් හානි සිදුව ඇති බව පැවසේ.

ගින්න හටගත් අවස්ථාවේදි මස්කෙළිය පොලීසිය සහ එම වතුයායේ පිරිස් එක්ව මෙම ගින්න නිවා දැමිමට පියවර ගෙන තිබෙන අතර ,

මෙම ගින්න, විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි සැක කරන බවත් මේ පිලිබදව මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාර්ගික ගැටලුවට උඩින් පැනීම!

උපාලි කොළඹගේ කොළඹ LNW:අන් කවරදාකටත් වඩා සුළු ජාතික ගැටලුව පිළිබඳව...

ඩෙංගු ගැන බය හිතෙන කතාවක්!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2025 වසරේ ගතවූ කාලසීමාව...

ට්‍රම්ප් එළඹෙන සතියේ ඉරානය සමඟ සාකච්ජා අරඹයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ ඉරානය...

කෙන්යාවේ රජයට එරෙහිව තරුණයන් විසි බසියි; අට දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ රජයට...