තුනෙන් දෙක විතරක් නෙවෙයි 113ත් දැන් ආණ්ඩුවට නැහැ.තවදුරටත් ලාමක ටින් ටින් ඇමති මණ්ඩලේට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ (VIDEO)

Date:

මේ වන විට ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව 113ද අහිමි වී ඇති හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වහාම දැන් ඉවත් විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.

ඒ, අද (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතා හඬට කන් නොදී තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සහ දරන්නේ නම් රාජපක්ෂ මහතාව ජනතාව විසින්ම කුණු කූඩයට දැමීම වැලැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ 113ද නොමැති ලාමක ටින් ටින් ඇමති මණ්ඩලයට රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමේ කිසිම හැකියාවක් නැති බව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මේ වන විට කථානායක වෙත භාර දී තිබෙන 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි වන යෝජනාවද අඩංගු විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

රට තුළ මේ වන විට ඇතිව තිබෙන ආරවුල් සියල්ලට හේතුව බැසිල් රාජපක්ෂ නමැති ද්විත්ව පුරවැසියා පාර්ලිමේන්තුවට පැමිණ මුදල් ඇමති වී මොළ හතෙන් රට අල කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...