තුනෙන් දෙක විතරක් නෙවෙයි 113ත් දැන් ආණ්ඩුවට නැහැ.තවදුරටත් ලාමක ටින් ටින් ඇමති මණ්ඩලේට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ (VIDEO)

0
583

මේ වන විට ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව 113ද අහිමි වී ඇති හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වහාම දැන් ඉවත් විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.

ඒ, අද (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතා හඬට කන් නොදී තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සහ දරන්නේ නම් රාජපක්ෂ මහතාව ජනතාව විසින්ම කුණු කූඩයට දැමීම වැලැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ 113ද නොමැති ලාමක ටින් ටින් ඇමති මණ්ඩලයට රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමේ කිසිම හැකියාවක් නැති බව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මේ වන විට කථානායක වෙත භාර දී තිබෙන 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි වන යෝජනාවද අඩංගු විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

රට තුළ මේ වන විට ඇතිව තිබෙන ආරවුල් සියල්ලට හේතුව බැසිල් රාජපක්ෂ නමැති ද්විත්ව පුරවැසියා පාර්ලිමේන්තුවට පැමිණ මුදල් ඇමති වී මොළ හතෙන් රට අල කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here