*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අර්බුදයට ක්ෂණික විසඳුම් නැත …

ලෝක වෙළෙඳපොළෙහි මූල්‍ය කටයුතු මෙතරම් සංවිධානාත්මක නොවූ 1930 ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදය දරුණු ගණයේ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගියේය. ව්‍යාපාර වැසී ගියේය. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය. එහෙත් එය දීර්ඝ කාලයක් පැවැතියේ නැත. ආර්ථිකය ප්‍රතිසංවිධාන කොට ජනතාව යළිත් නිෂ්පාදන ක්‍රියාවලිය හා එකතු කර ගැනීමට එරට රාජ්‍ය තන්ත්‍රය සමත් විය. 1973 ජපානය බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ පෑවේය. 1990 දසකය ජපානයට අහිමි වීම වැඩි කළ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. එහෙත් මේවා ඔඩු දුවන්නට එරට පාලකයන් ඉඩ දුන්නේ නැත. පාලකයන් වහා විසඳුම් සෙවූ අතර ජනතාව ඉවසිල්ලෙන් යුතුව ඒ දෙස බලා සිටියෝය.

මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට මේ ආර්ථික අර්බුදය මාසයකින් දෙකකින් මුළුමනින්ම විසඳා ගත නොහැකිය. එය විසඳා ගත හැක්කේ පියවරෙන් පියවරටය. නිදසුනක් ලෙස: ඉන්දියාවේ ණය මුදල් ඉන්ධන සඳහා වැය කරනු ලැබේ. ලෝක බැංකුවේ හදිසි මූල්‍ය පහසුකම් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද රසායනික පොහොර සඳහා ද වැය කරනු ලැබේ. එය හොඳ තීරණයකි. ඉන්ධන, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටේ මූලික ගැටලු බවට පත් වී ඇත. ජනතාව පාරට බැස ඇත්තේ ඒවා ලබා දියව්! යැයි කියමින්ය. බඩු මිල අඩු කරනු යන්න තවත් ඉල්ලීමකි. මේ වන විට රටේ උද්ධමනය 20%කට ආසන්න බව කියනු ලැබේ. ඒ හැරත් භාණ්ඩ සඳහා පාලන මිලක් නැත. එබැවින් දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ යයි. මේ මොහොතේ දුප්පත්ම ජනතාවට සහන දිය යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා පිළිගනී.

පසුගිය කාලය තුළ ගනු ලැබූ මූල්‍ය කටයුතුවලට අදාළ බොහොමයක් තීන්දු තීරණ නිවැරැදි නැති බව ජනාධිපතිවරයා පවා පිළිගනී. ජනාධිපතිවරයාට ආර්ථික උපදේශන සැපයීම සඳහා සිටි විශේෂඥයන් ද බුද්ධිමත් හා ප්‍රායෝගික උපදේශන සපයා නැත. ඔවුන්ගේ තීන්දු තීරණවල වැරැදි පෙනෙන්නට පටන් ගත්තේ නරක ප්‍රතිඵලයත් සමඟය.

මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සාර්ථක මෙහෙයුමක යෙදී සිටින බව ගෞරවයෙන් යුතුව සඳහන් කළ යුතුය. මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාරයේ ලේකම් හා මූල්‍ය උපදේශන මණ්ඩලය මේ මොහොතේ රට වෙනුවෙන් අගනා සේවයක් සිදු කරමින් සිටින බව ද කිව යුතුය. විවිධ පාර්ශ්ව රටට ලැබෙන ණය හා ආධාර කපා හැරීමට උපායමාර්ග සොයන අතර තව සමහරු කල දුටු කල වළ ඉස ගැනීමට ක්‍රියා කරමින් සිටිති. හැබෑවටම මේ කණ්ඩායම් නිසා රටේ අර්බුද තවත් උත්සන්න වෙයි. ශ්‍රී ලංකාවට එක ඩොලරයක්වත් ලබා දෙන්නට එපා යැයි ඉල්ලමින් ජගත් ආයතන වෙත පෙත්සම් ඉදිරිපත් කරන මිනිස්සුද අප අතර සිටිති.

  • ඇත්ත facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan