හමාස් සංවිධානය නිදහස් කරන ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන් තිදෙනාගේ නම් නිවේදනය කරයි; සටන් විරාමය ඇරඹෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැය තුනකට ආසන්න ප්‍රමාදයකින් අනතුරුව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ගිවිසුම ක්‍රියාත්මක කළ පළමු දිනයේදීම නිදහස් කිරීමට නියමිත ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා වන 31 හැවිරිදි ඩොරොන් ස්ටයින්බ්‍රෙචර්, ද්විත්ව බ්‍රිතාන්‍ය-ඊශ්‍රායල් එමිලි ඩමාරි, 28 සහ 24 හැවිරිදි රොමි ගොනෙන්ගේ නම් ලැබීම ඊශ්‍රායලය විසින් තහවුරු කර ඇති අතර මෙම ගිවිසුම මගින් සටන් වල විරාමයක් සහ ඊශ්‍රායල සිරකරුවන් තිදෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු පමණ පළමු දිනයේම නිදහස් කිරීම නියමිත වේ.

හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව, සටන් විරාමය ආරම්භ වන තුරුම ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

හමාස් සංවිධානය 2023 ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් 1,200ක් පමණ ඝාතනය කර 251ක් නැවත ගාසා තීරයට රැගෙන ගිය අතර එතැන් පටන් ඊශ්‍රයල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 46,800 කට වැඩි පිරිසක් මිය ගොස් 110,750 ක් තුවාල ලබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...