76,000 ඖෂධය තවම 370ට මිලදී අරන් නෑ. නිර්දේශයක් කළා පමණයි – NMRA CEO

Date:

පසුගිය සමයේ රුපියල් 76,000ක් මිලවූ ඖෂධයක් වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් 370කට මිල අඩුවී ඇතිය යන කාරණය සත්‍යයක් නමුත් තවමත් ඒ මිලට ඖෂධ මිලදී ගැනීමක් රජයෙන් සිදුකර නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පවසයි.

ප්‍රශ්නය – පුවත්පත්වල සහ සමාජ මාධ්‍යවල යනවා පිළිකා රෝගීන්ට අවශ්‍ය එන්නතක මිල රුපියල් 76,000යි පහුගිය කාලෙ, මිනිස්සු ගෙවල් විකුණලා මේක ලබාගත්තෙ, අපි ආණ්ඩුව ගත්තාට පස්සෙ ඒ සමාගමම දැන් රුපියල් 370 ට දෙනවා කියලා. අදාළ ඖෂධය සම්බන්ධයෙන් හොයලා බැලුවාම ඒ ඖෂධය පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් කියලා නම් නෙවෙයි සඳහන් වෙන්නෙ. ඇත්තටම මෙහෙම දේවල් වුණාද, මේවා බොරුවක්ද ?

“ඇත්තටම එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා, අපට උදාහරණ මගින් පෙන්වන්න පුළුවන්. ඔය කියන ඖෂධය නම් පිළිකා ඖෂධයක් නෙවෙයි. ඒක මාධ්‍ය වැරදියට ප්‍රචාරය කරලා තිබුණෙ. ඒ ඖෂධය භාවිතා කරන්නෙ හෘද රෝග සැත්කම්වලදී තමයි. ඒකෙදී භාවිතා කරන ඖෂධයක් තමයි ඔය මිල අඩුවීමක් ඔය විදියට සිද්ධ වුණේ. ඕක ඇත්තටම ඉතාම අසාමාන්‍ය මිල අඩුවීමක්”

ප්‍රශ්නය – ඔව් දැන් 76,000 රුපියල් 370 ට අඩුවුණා කිව්වාම ….

“නමුත් ඒක අසත්‍යයක් නෙවෙයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ දැන් ඒ ගාණට මිලදී ගත්තාද කොහෙහරි, නැත්නම් ඒ ගාණට ගන්න පුළුවන් කියලා ඔබතුමාලා දීපු නිර්දේශයක්ද මෙතන තියෙන්නෙ ?

“ඖෂධ නියාමන අධිකාරියෙන් දීපු නිර්දේශයක් විතරයි”

ප්‍රශ්නය – තවම ඒ ගාණට අරගෙන නෑ ?

“ඒක … මේ පාර … දැන් තවම මේ අවුරුද්දේ මිලදී ගැනීමක් ඒකට සිද්ධ වෙලා නෑ මම දන්න තරමට. නමුත් ඇත්තටම ඖෂධ නියාමන අධිකාරිය විදියට මේ අවස්ථාවේ මිල පාලනය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. දැනට නීති ක්‍රියාමාර්ග කිහිපයක්ම සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව. නමුත් අපි ඖෂධවල මිල ගැන ඉතාම සෙවිල්ලෙන් ඉන්නෙ. ඒ නිසා අපිට හැකියාව ලැබිලා තියෙනවා ඖෂධවල මිල අඩුකරගන්න”

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...