*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අද ගාලු මුවදොරින් මතු වන්නේ එදා ප්‍රංශ විප්ලයවයමද?

මේ වන විට ශ්‍රී ලංකාවේ අහිංසක විප්ලවයක් ගෝල් ෆේස් පිටිය හෙවත් ගලු මුව දොර පිටියෙන් ආරම්භ කොට තිබෙනවා.මේ ගෝල් ෆේස් පිටිය තුළින්ම විප්ලවයක් පටන් ගැනීම තුළම වැදගත්කමක් තිබෙනවා. ඝෞල් යනු ඉතිහාසයේ ප්‍රංශය හැදින්වුණු නමයි.ලංකාවේ මේ පැවැත්වෙන විප්ලවයත් ප්‍රංශ විප්ලවයට සමාන දෙයක්. ප්‍රංශ විප්ලවය හා ගෝල් ෆේස් විප්ලවය තුළ ඇති සමානකම් දෙස බලමු.

01:මධ්‍යම පන්තියේ විප්ලවයක්.

එදා ප්‍රංශ විප්ලවය මෙහෙය වූ කිහිප දෙනෙක් දෙස බලමු. ඔවුන් අතරින් දෙදෙනෙක් නීතිඥවරුන්. එනම් Danton සහ Robespierre . අනෙක් පුද්ගලයා Marat. මොහු වෛද්‍යවරයෙක් මෙන්ම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. වෙන`කක් තබා ඔහු නිවුටන් නියමවල අඩු පාඩු පවා සොයා ගැනීමට සමත් වූ පුද්ගලයෙක්.

ප්‍රංශ විප්ලවය රුසියාවේ හෝ චීනයේ සිදු වූ සේ කම්කරුවන් ගේ සහ පීඩිත ජනතාව ගේ විප්ලවයක් නොවේ. එහි වැදගත්කම වූයේ මධ්‍යම පන්තියට සත්‍ය වටහා ගැනීමට මාක්ස්වාදය හෝ මාවෝවාදය වැනි සරල තියරි අවශ්‍ය නොවීමයි. ඔවුන්ට සිදු වූ දේවල් පෙනෙනවා. ඒ වගේම මධ්‍යම පන්තියේ විප්ලවය ලෙහෙසියෙන් මැඩ පැවැත්විය නොහැකියි. ඔවුන් නිකම් තරහ පිට කරලා ගෙදර යන්නේ නැහැ.ඔවුන්ට ඉදිරිය ගැන හොඳ දර්ශනයක් තිබෙනවා. දැන් බලන විට ගෝල් ෆේස් විප්ලවය තුළ ප්‍රංශ ජනතාව ගේ විප්ලවයට තිබෙන සමානකම් වැඩියි.

02:ආර්ථික අර්බුදය සහ දූෂණය

1789 වන විට ප්‍රංශයේ සිටි 16 වන ලුවිස් රජු එදා සාමාන්‍ය ජනතාවගේ ඕනෑ එපාකම් දුක් අදෝනා වලින් ඈත් වී ජීවත් වූ රජෙක්. එදා ඒ රටේ මිනිස්සුන්ට ආහාරයට ගැනීමට පාන් පවා තිබුණේ නැහැ. “පාන් කන්න බැරි නම් කේක් කන්න ” කියමන ඔබ අසා ඇති. එහෙම කියා තිබුණේ දහසය වන ලුවිස් රජුගේ බිසවයි. ඒ වන විට ආණ්ඩුව තදින් ණය වී සිටියා. නමුත් එම ණය ගෙවීමට රටේ මුදල් ඇති අය ගෙන් බදු අය කළේ නැහැ.

ඒ නිසා පොහොසත් කතෝලික ආගම් නායකයෝ සහ පොහොසත් සිටු වරු බදු ගෙව්වේම නැහැ. බදු අය කර ගත්තේ වැඩ කරන ජනතාවගෙන් සහ මධ්‍යම පන්තියෙන් පමණයි. එසේ බලන විට මෙම විප්ලවයේ හා ප්‍රංශ විප්ලවයේ කෙතරම් සමානකම් තිබෙනවාද? අද ආණ්ඩුව තම හිතවත් කොම්පැණිවලට ආධාරයක් වශයෙන් ඔවුන්ගේ බදු 20% දක්වා අඩු කළා. මුළු දළ ආදායමෙන් කලින් 20% සිට 8% ක් දක්වා බදු අඩු කළා. ධනවතුන් බදු ගෙව්වේ නැහැ. දුප්පතුන් බදු ගෙව්වා. ආණ්ඩුව මුදල් අර්බුදයකට ගියේ එසේයි. එපමණක්ද ? තවත් අගනා සමානකමක් තිබෙනවා.

03:ජනතා පරමාධිපත්‍යය නැති කිරීම

එදා ප්‍රංශයේ පාර්ලිමේන්තුවට (Estate general) කොටස් තුනක් තිබුණ. පල්ලියට අයත් ආසන සහ ධනවත් පුද්ගලයින්ට අයත් ආසන 66% ක් තිබුණා. සාමාන්‍ය ජනතාව නියෝජනය කිරීමට තිබුණේ 30% ක් පමණයි. නමුත් මෙම පාර්ලිමේන්තුවත් අවුරුදු 175 කට රැස් වී තිබුණේ නැහැ. එනම් රජු විසින් පාර්ලිමේන්තුව මරා දමා තිබුණා. අපේ පාර්ලිමේන්තුවත් එහෙම නේද? එනම් නමට පමණක් ජනාධිපති වෙනුවෙන් අත උස්සන ආයතනයක් පමණක් නොවේද?

04:සංනිවේදනය විප්ලවයට මුල පිරීම

එදා ප්‍රංශයේ බොහෝ ජනතාවට ලිවීමේ, කියවීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් 1789 වන විට සාක්ෂරතාව ලබා තිබුණා. පුවත්පත් මුද්‍රණය කිරීමට පටන් ගත්තේ ඒ සමගයි. එදා Mart තම වෘත්තීය පසෙක ලා පුවත්පත් මුද්‍රණය කොට ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා. එය විප්ලවයට ඉමහත් රුකුලක් වුණා. අද අපේ රටේ එය සිදු වන්නේ පුවත්පත් වලින් නොවේ. සමාජ මාධ්‍ය මගින්. අද අපේ රටේ මෙය සමාජ මාධ්‍ය තුළින් කරන විප්ලවයක් වී තිබෙන්නේ. ප්‍රංශයේ විප්ලවය අහිංසක විප්ලවයක් විදියට පටන් ගෙන අති බිහිසුණු විප්ලවයකට පත් වුණා. එසේ වූයේ ලුවිස් රජු රජකම අතහැර නොගිය නිසයි.

අවසන ඔහු සහ ඔහුගේ රජ පවුල මැරුම් කෑවා. විප්ලවය කළ අයත් පසුව ඔවුනො`වුන් සැක ගැනීම නිසා මැරුම් කෑවා. එයින් නැපෝලියන් හට බලයට ඒමට මග පෑදුණා. මේ විප්ලවය කරන ඔබට මගේ අවවාදය නම් ඔබ සටන් කරන්න. ඔබගේ සියලු ඉල්ලීම් ඉටු කරන තෙක් සටන් කරන්න. නමුත් අමතක කරන්න එපා, ඔබ මේ විප්ලවය කරන්නේ “ගෝටා ගෙදර යැවීමට” පමණක් නොවිය යුතු බව. ඊට එහා දෙයක් කළ යුතුයි.

එනම් මීට පසු කිසිම පුද්ගලයෙකුට, පවුලකට මේ තරම් බලයක් ලැබෙන තැනට ඉඩක් දෙන්න එපා. ගෝටා ගෙදර යනවා වගේම ජනාධිපතිකමත් ගෙදර යැවිය යුතුයි. ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන පාර්ලිමේන්තුවකට බලය දිය යුතුයි. එසේම ඔය සල්ලි අරන් අත ඔසවන හොරිකඩ මන්ත්‍රීවරු ඉවත් කරන්නැයි කියා පාර්ලිමේන්තුවට බල කරන්න. එසේම සෑම ජනතා නියෝජියාගේම සහ ඔවුන් ගේ පවුල් වල වත්කම් සෙවීමට බල කරන්න.

එසේ සොයා ඔවුන්ට දඩුවම් කරන්නැයි කියා බල කරන්න. දැන් මේ තිබෙන මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න. මේ පාදඩ මුදල් සංස්කෘතිය ගෙනාවේ එයයි. ධනවත් පුද්ගලයින් තම අරමුණු ඉටු කර ගැනීම සදහා රාජපක්ෂලා ගෙනාවේ එසේයි. හැබැයි ඔය සංස්කෘතියට මග පෑදුවේ ජේ ආර් ගේ ව්‍යවස්ථාවයි. දේශපාලකයින්ට ව්‍යාපාර කිරීමට ඉඩ දුන්නේ ඔහුයි. දැන් ඔහු ඔහුගේ කපටි උපක්‍රම දෙස බලාගෙන ඉන්නවා ඇත්තේ සිනාවෙන්ද? හැඩූ කදුලෙන්ද?

ඔබ සැමට කියන්න තිබෙන්නේ මෙම අරගලය ඔබට ජය ගන්න පුලුවන්. නමුත් ප්‍රංශ විප්ලවය සාර්ථක වීමට වසර 3ක් ගත වූ බව මතක තබා ගන්න. 1789 වසන්තයෙන් පටන් ගත් විප්ලවය 1792 වසන්තය දක්වා දික් ගැස්සුණා. එයට හේතු වුණේ පාර්ලිමේන්තුව (Estate ) තුළ සිටි කල්ලි එක පැත්තකට ගැනීමට ඒ තරම් කාලයක් ගැනීමට සිදු වූ නිසයි. අපේ රටේත් එයම සිදු වෙයි.

මේ තරම් ධනවත් බලවත් රාජපක්ෂ පවුල, බලය දාලා යන්නේ නැහැ සතියෙන් දෙකෙන්. අනෙක මා කලින් කී දේ එනම් ප්‍රංශ විප්ලවයට සටන් පාඨය වූයේ විප්ලවයට නිදහස සමානාත්මතාවය සහ සහෝදරත්වයයි. එසේ නම් ජාති ආගම් භාෂාව වැනි පන්තිවලින් බෙදී සිටින අපිටත් නිදහස සමානාත්මතාවය සහ සියලු ජාතීන් සහ ආගම් අතර සහෝදරත්වය හොඳ සටන් පාඨයක් නොවේද?

අවසන් වශයෙන් එදා ප්‍රංශ විප්ලවය තුළින් තව දෙයක් සිදු වුණා. එනම් පල්ලියට තිබූ ධනය බලය නැති වුණා. අද අපේ රටේ පන්සලටත් එවැනි බලයක් තිබෙන්නේ. ආගම වෙනුවට එදා ප්‍රංශ විප්ලවය හේතු ඵලවාදය උතුම් දෙයක් විදියට අදහන්නට වුණා. රජය ආගමෙන් ඈත් කළා. අපිත් එය කළ යුතුයි. ආගම්වාද මිථ්‍යා කාලී කතරගම්වාද වලින් ඉවත් විය යුතුයි. විද්‍යාව රජ කළ යුතුයි. තරුණ ඔබට ජය වේවා!.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan