මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වරප්‍රසාදය අහෝසියි!බලපත්‍රයක් වෙනුවට රාජකාරී වාහනයක්!

Date:

කොළඹ LNW:මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

රාජකාරීමය අවශ්‍යතාවය සඳහා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වාහනයක් තිබිය යුතු හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගැනීමට නියමිතයි.

එම ලබාදෙන වාහනය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන අවස්ථාවේදී යළි රජයට භාරදීම හෝ එහි වටිනාකම ගෙවා තමන් සතු කර ගැනීමට හැකි වන ආකාරයෙන් කටයුතු සම්පාදනය කිරිමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට වරප්‍රසාදයක් ලෙස පැවති එම වාහන ආනයන බලපත්‍රය ඉදිරියේදී අහෝසි වනු ඇති.

මෙම වාහන බලපත්‍රය ඇතැමුන් මුදලට අලෙවි කරන අතරම තවත් රජයේ වාහන සංචිතයක්ද පවත්වාගෙන යාම සිදුකර තිබුණි. ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර සිටම මෙම තත්ත්වය දැඩිව විවේචනය කළ අතර ඒ අනුව ඔවුන් උක්ත තීරණයට එළඹ තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...