එකමත් එක විලක මාලු ගොඩක් හිටියා. බිලීබාන්නෙක් හැමදාම මේ විලට බිලී පිති දාලා ඇම කන මාලු අල්ලගෙන ගියා.
මේ වින්නැහ්හිය දැකපු රජ මාලුවා අනිත් උන්ට අවවාද දුන්නා.
“මාලුවා නහින්නෙ කට හින්දා, ඒ හින්දා ඇම නොකා කටවහගෙන හිටු”
ඊට පස්සෙ මාලු ඇම කන එක නැවැත්තුවා. බිලී බාන්නට හෙන අප්සෙට්. මිනිහා ඊට පස්සේ දිග කම්බියක් උල් කරගෙන විල අද්දර මාලු කොටන්න බලාගෙන් ඉන්න පටන් ගත්තා.
මේ අස්සෙ තමන් තවත් දුර බිලීබාන්නට අහුනොවෙන එක ගැන මාලුන්ට තන්තෝසයි. මාලු රජාටත් ඒ වගේ.
එක දවසක් තමන්ගෙ ජයෙන් උදම් වුන රජා බිලී බාන්නාට පොඩි කෝචෝක් පාරක් දාන්න කල්පනා කලා.
එහෙම හිතපු මාලු රජා බිලීබාන්නා ඉස්සරහින්ම “අඩෝ බිලී පොර !” කියලා වතුරෙන් උඩට පැන්නා.
බිලීබාන්නා ටක් ගාලා කම්බි උල අරගෙන මාලුරජාව කම්බියෙ අමුන ගත්තා.
ඔන්නෝකයි පස්නෙ ….
~ චූලානන්ද සමරනායක