ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?

Date:

පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ටිරාන් අලස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යනාදී කුඩා පක්ෂ සන්ධානයේ මැති ඇමතිවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිගටම ජනාධිපති ධුරයෙහි තබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම තුනෙන් දෙකක බලයක් හිමි අමාත්‍ය මණ්ඩලයක් ද නිර්මාණය කරගෙන ඉදිරි වසර දෙක රට පාලනය කරගෙන යෑම මෙහි අරමුණ වී ඇති බව සඳහන්.

මෙය සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනුවෙන් අර්ථදැක්වීමට තැත් කළ ද විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය හෝ දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ මෙම ආණ්ඩුවට සම්බන්ධ වී ඩලස් අලහප්පෙරුම මහතාගේ අගමැති ධුරය සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය යටතේ දිගටම කටයුතු කිරීමක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි අතර එම පක්ෂවලින් සුළු පිරිසක් අමාත්‍ය ධුර ලබාදී කඩාගෙන ආණ්ඩුවට එක් කරගෙන මෙය සියලු පක්ෂවල එකමුතුවක් වශයෙන් පෙන්වීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එවන් තත්වයක් තුළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර කිහිපයක් හැර සෙසු සියල්ලම සඳහා පසුගිය වසර දෙකේම කටයුතු සිදුවුණු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ඊට අනුබද්ධ කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් පත්වෙනු ඇත.

දැඩි IMF විරෝධී ස්ථාවරයක් දරණ මෙම කුඩා පක්ෂ IMF සාකච්ඡාවලට බාධා කරමින් යළිත් චීනය දෙසට රට හැරවීමට කටයුතු කරනු ඇති අතර පාර්ලිමේන්තුව තුළ කමිටු ගණනාවක් පත්කර ඒවා තුළ පක්ෂ එකිනෙක ගැටීමට සලස්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි යෝජනා නොකෙරෙන තැනටම කල්දැමීමට කටයුතු කෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම රාජපක්ෂ පවුලේ කිසිවෙකුටත් කිසිදු හිරිහැරයක් සිදුවීමට ඉඩ නොතැබීම මෙම ආණ්ඩුව නිර්මාණය කිරීමෙහි ප්‍රධාන කොන්දේසිය වනු ඇති අතර රාජපක්ෂවරුන්ගේත් ඔවුන්ගේ දේපොළවලත් ආරක්ෂාව තහවුරු කරමින් exit plan එකක් වශයෙන් මෙම අන්තර්කාලීන ආණ්ඩුව යොදාගැනෙනු ඇති බවත් සඳහන්.

විශේෂයෙන්ම ඩීල් සම්බන්ධයෙන් නම් දැරූ පුද්ගලයෙකු වන ටිරාන් අලස් මහතා මෙහි මූලිකත්වය ගෙන කටයුතු කිරීම තුළ මෙම තත්වය ඉතාම පැහැදිලිව පෙනෙන බවත් දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...