මෙරට විශ්ව විද්‍යාලත් අන්තර්ජාතික තලයට – කැබිනට් යෝජනාවකට අනුමැතිය!

Date:

කොළඹ LNW:මෙරට විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගැනීම මෙන්ම අන්තර්ජාතිකකරණය වෙනුවෙන් විදේශ විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපන සහයෝගිතාවන් වර්ධනය කිරීමෙන් ගිවිසුම් කිහිපයකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මෙරට විශ්ව විද්‍යාල හා අදාළ විදේශ විශ්ව විද්‍යාල සමඟ එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජිත ඇත.

අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

එම කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව චීනය, ජපානය,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,නොර්වේ,ඇමරිකාව සහ කොරියාව යන රටවල තෝරාගන්නා ලද විශ්ව විද්‍යාල සමඟ මෙරට විශ්ව විද්‍යාල අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...