ආණ්ඩු වෙනස් වුණා කියලා සිතූ පැතූ සම්පත් පහළ වෙන්නේ නෑ – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

නව රජය ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ මානව සම්පත ප්‍රවර්ධනය කිරීම සඳහා බවත් අපේ රටට ඉදිරියට යාමට ඇති මාර්ගය එය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“අපේ රටට ඉදිරියට යන්න තිබෙන මාර්ගය තමයි මේක. ආණ්ඩු වෙනස් වුණායි කියලා අපිට හිතූ පැතූ සම්පත් පහළ වෙන්නෙ නැහැ. හැබැයි අපට තියෙන වටිනාම සම්පත මේ මානව සම්පත. එහෙම නම් මෙන්න මේ මානව සම්පතේ තියෙන ගුණය, ඒ ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට තමයි අපි සමස්තයක් හැටියට වැඩිපුරම අවධානය යොමුකරන්න ඕනා. අපි විශේෂයෙන්ම මේ අලුත් ආණ්ඩුව හැටියට අපේ ප්‍රමුඛතාවය ලබාදීලා තිබෙන්නෙ මේ මානව සම්පතේ ප්‍රවර්ධනයට. එනිසා අපි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු බර තැබීමක් කරනවා”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 29) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...