ට්‍රම්ප් සංක්‍රමණිකයන් වෙනුවෙන් ගුවන්තනාමෝ හි නව රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිමට නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම වෙනුවෙන් කියුබාවේ ගුවන්තනාමෝ හි නව රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිමට ඩොනල්ඩ් ට්‍ර්ම්ප් නියෝග කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ වෙසෙන මිලියන 11කට ආසන්න ලේඛනගත නොවූ ජනතාව ඉලක්ක කර ගනිමින් ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ඊයේ(29)දිනයේදී ලේකන් රිලී පනතට අත්සන් තැබීමත් සමඟ මෙම විධායක නොයෝගය ගෙන තිබු අතර මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඔවුන්ගෙන් සමහරක් ඉතා නරකයි, අපි ඔවුන්ව තබා ගැනීමට රටවල් විශ්වාස නොකරමු, මන්ද ඔවුන් නැවත පැමිණීමට අපට අවශ්‍ය නැති නිසා අපි ඔවුන්ව ගුවන්තනාමෝ වෙත යවන බවයි.

ගුවන්තනාමෝ රැඳවුම් මධ්‍යස්ථානය තුළ අමානුෂික ලෙස සැලකීම සහ නීතිමය රැකවරණයක් නොමැතිකම හේතුවෙන් එය වසා දමන ලෙස මානව හිමිකම් සංවිධාන දිගු කලක් තිස්සේ ඉල්ලා ඇත. මෙම මධ්‍යස්ථානය සැකකරුවන් සඳහා රැඳවුම් පහසුකමක් ලෙස 2002 දී විවෘත කරන ලද අතර බොහෝ රැඳවියන් නඩු විභාගයකින් තොරව වසර ගණනාවක් රඳවා තබා ගැනීමට භාවිතා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...