පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදාහැරීම ගැන සජබෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායට පැමිණි කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මේවා ගෙනාවේ කවුද ? මේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික පිරිසකගේ කන්ටේනර්ද මේවා ? එක පැත්තකින් කෝටි ගාණක බදු මුදලක් අහිමි වෙලා තියෙනවා. මේ කන්ටේනර්වල මොනවා තිබෙන්න ඇතිද ? අයිස් තියෙන්න පුළුවන්, කොකේන් තියෙන්න පුළුවන්, හෙරොයින් තියෙන්න පුළුවන්, ගංජා තියෙන්න පුළුවන්, ආයුධ තියෙන්න පුළුවන්. කඳවුරුවලින් ආයුධ නැතිවෙන කාලේ ආයුධ කන්ටේනරයක්ද තිබ්බෙ ? අපට සැකයක් තියෙනවා යම් පුද්ගලයින්ට අල්ලස් දීලා මෙහෙම දෙයක් සිදු කරලා තියෙනවාද කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...