සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්රමණිකයන් පිටුවහල් කිරීමේ වැඩසටහන යටතේ ශ්රී ලාංකිකයන් 3065 දෙනෙකු හඳුනාගෙන පිටුවහල් කිරීමට සුදානම්ව ඇති බව එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) බලාත්මක සහ ඉවත් කිරීමේ මෙහෙයුම් (ERO) නිවේදනය කර තිබේ.
ඒ නුව, 2024 නොවැම්බර් 24 වන විට පුරවැසියන් නොවන 1,445,549 ක් ඉවත් කිරීමේ අවසන් නියෝග සමඟ මෙලෙස ICE හි රඳවා තබාගෙන ඇත.
කෙසේ එක්සත් ජනපදයේ වෙසෙන මිලියන 11කට ආසන්න ලේඛනගත නොවූ සංක්රමණිකයන් පිටුවහල් කරන බවට ඩොනල්ඩ් ට්රම්ප් සිය ධුරයේ වැඩ භාරගනිමින් ජනවාරි 20 වනදින නිල වශයෙන් ජනාධිපති නියෝගයකට අත්සන් තබන ලද අතර පිටුවහල් කරන ලද සංක්රමණිකයන් පිළිගන්නා ලෙස ඇමරිකා එක්සත් ජනපදය භූතානය, බුරුමය, කියුබාව, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, එරිත්රියාව, ඉතියෝපියාව, හොංකොං, ඉන්දියාව, ඉරානය, ලාඕසය, පකිස්ථානය, මහජන චීන සමූහාණ්ඩුව, රුසියාව, සෝමාලියාව සහ වෙනිසියුලාව ආදී රටවල් 15කින් ඉල්ලා තිබේ.