අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙකු පත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා පත්කර තිබේ.

ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා දිවුරුම් දීම අද (පෙබරවාරි 02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා දැනට අභියාචනාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...