ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 03, කොළඹ (LNW): 2024 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වැයවූ මුදල ඇ.ඩො. බිලියන 1.92 වූ අතර, එය ඊට පෙර මාසවල පැවති ඇ.ඩො. බිලියන 1.5 – 1.6 සීමාවට සාපේක්ෂ ව දැවැන්ත ඉහළ යාමකි.
ණය ගැනීම ඉහළ යාමත් සමඟ මෙම ආනයන වියදම්වල ඉහළ යාම සිදුව ඇත.
මෙම වියදම් ඉහළ යාම සිදුව තිබෙන්නේ විවෘත වෙළඳපොලේ මෙහෙයුම් (OMO) හරහා සීමාව ඉක්මවා මුදල් මුද්‍රණය කිරීමට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.
අවසන් වරට ආනයන වියදම්වල මෙවන් ඉහළ යාමක් සිදුවූයේ 2021 දෙසැම්බර් මස වන අතර, එහි දී එම අගය ඇ.ඩො. බිලියන 2.24 ක අගයක් දක්වා ඉහළ ගියේය. පොලී අනුපාත පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශාල මැදිහත් වීමක් සිදුකිරීම හමුවේ මෙම ඉහළ යාම සිදුවිය.
2024 ඔක්තෝබර්වන විට, මහ බැංකුව විසින් රු. බිලියන 100 ක් රටේ ආර්ථිකයට පොම්ප කරමින් මුදල් වෙළඳපොලේ ඒ වන විටත් ඉහළ ගොස් තිබූ ද්‍රවශීලතාවය රු. බිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ දැමූ අතර, මෙම මුදල් ප්‍රමාණය රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර පැවති ප්‍රමාණයන්ට සමාන විය.
මේ අතර, අපනයන, සංචාරක කර්මාන්තය හා ප්‍රේෂණවලින් සමන්විතවන රටේ විදේශ විනිමය ගලාඒම් ඉකුත් දෙසැම්බර් මස වන විට ඇ.ඩො. බිලියන 2.41 ක ප්‍රමාණයක් ගත් අතර, එමඟින් වෙළඳ ආනයන සඳහා වැය වූ මුදල ඇ.ඩො. මිලියන 488 කින් ඉහළ ගියේය. කෙසේවෙතත්, සේවා සඳහා සිදුකරන ගෙවීම්, පොලී ගෙවීම්, ලාභාංශ, සහ ණය ආපසු ගෙවීම් ආදී කරණු සඳහා මෙම මුදල් ගලාඒම් වලින් යම් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම නිසා ශුද්ධ අතිරික්තය ඇ.ඩො. මිලියන 319 (නොවැම්බර්) සිට ඇ.ඩො. මිලියන 160 දක්වා පහත වැටීම සිදුවිය.
සාමාන්‍යයෙන් දෙසැම්බර් යනු සංචාරක ඉපැයීම්වලින් ලාභ ලබන මාසයක් වූවත්, මෙම මුදල් පසුව යෙදවීමට සිදුවන්නේ ආනයන සඳහා ය. එමඟින් පවතින දළ අතිරික්තය පහත වැටීමක් සිදුවේ.
ඉකුත් ඔක්තෝබර් මස විවෘත වෙළඳපොලේ මෙහෙයුම්වල ද්‍රවශීලතාවය ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කිරීම හමුවේ තැන්පතුවල තත්ත්වය නොතකා ණය දීර්ඝ කිරීමට බැංකුවලට හැකියාව ලබා දෙනු ඇති බවට විශ්ලේෂකයන් විසින් අනතුරු අඟවා තිබිණි.
මෙමඟින් පාරිභෝගික භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ, හෝ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් ලැබෙන්නේ ද යන වග නොතකා විවිධ වූ ආයෝජන ණය සඳහා මාර්ගය විවරකර දෙන අතර, ඉන් ගෙවුම් ශේෂයට සෘණාත්මක බලපෑමක් එල්ල වේ.
මෙහි දී සඳහන්කළ යුතු විශේෂ කරුණක් වන්නේ, විදේශ සංචිත අඩුවීමට බලපාන්නේ යැයි කියන වාහන ආනයනය තුළින් සැලකිය යුතු බදු ආදායමක් ජනනය කිරීමයි. එමඟින් ණය ගැනීම සඳහා රජයට එල්ලවන පීඩනය ද අවම වේ.
කෙසේවෙතත්, ඉකුත් දෙසැම්බර් මස ආයෝජන භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 455.9 ක මුදලක් වැය වූ අතර, මෙය අඩු බදු අනුපාතවලට යටත්වන බැවින් ඉහළ ණය බරක් ඇති කිරීමට සමත් ව තිබේ.
ආයෝජන භාණ්ඩ ආනයනයවල සැලකිය යුතු ඉහළ යාමක් අවසාන වරට නිරීක්ෂණයකළ හැකි වූයේ 2022 ජනවාරි මාසයේ වන අතර, මෙහි දී අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම හමුවේ ආර්ථික අස්ථාවර්තවයක් ද ඇති විය.
වෙළඳාම නියාමනය කිරීම සඳහා නිශ්චිත ආනයන කිහිපයක් සීමා කිරීම ගෙවුම් ශේෂයන්ට අදාළ ගැටළු විසඳීමේ දී සාර්ථක ප්‍රයද්නයක් නොවේ. මෙහි මූලික ගැටළුව පවතින්නේ විවෘත වෙළඳපොලේ මෙහෙයුම් සහ අනෙකුත් මුදල් ප්‍රතිපත්ති මෙවලම් ඔස්සේ ද්‍රවශීලතාවය ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළ ය. මෑතකාලය තුළ අතිරික්ත ද්‍රවශීලතාවයේ යම් අඩුවීමක් නිරීක්ෂණයකළ හැකිවූව ද, මහ බැංකුවේ තනි ප්‍රතිපත්ති අනුපාතය (single policy rate) නිසා ඉදිරියේ දී නැවත මුදල් මුද්‍රණය කිරීමකට යාමට සහ දෙවන වරටත් ආර්ථික පැහැර හැරීමකට (default) යාමට සිදුවනු ඇති බවට විශ්ලේෂකයහු අනතුරු අඟවති.
මෙම තත්ත්වය රටේ සිවිල් යුධ තත්ත්වය අවසාන වූ පසු පැමිණි කාල පරිච්ඡේදයට සමානවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම කාලසීමාව තුළ මධ්‍ය කොරිඩෝ අනුපාත (mid-corridor rate) ඉලක්කකරන ලද විශාල මූල්‍ය කඩා වැටීමක් රටතුළ සිදුවිය.
ගෙවුම් ශේෂ හිඟයට මූලික හේතුව වාහන ආනයනය වැනි ඇතැම් ආනයන බවට පවතින මතය මිත්‍යාවකි. සැබෑ ගැටළුව පවතින්නේ ණය ප්‍රසාරණය කිරීමට මහ බැංකුව කටයුතු කිරීම තුළ ය. ආර්ථික අස්ථාවරත්වය බොහෝ විට දැවැන්ත ලෙස මුදල් පොම්ප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පැණනඟින බවට ඉතිහාසයේ අපමණ සාක්ෂි පවතී. 1930 ගණන්වල රටේ පැවති ෆෙඩරල් සංචිතයේ විවෘත වෙළඳපොල මෙහෙයුම් උද්ධමනයේ හා මුදල් ඒකකයේ බිඳවැටීම් ඇති කිරීමට සමත් වීම මීට උදාහරණයකි.
වර්තමානයවන විට, ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ වහා බිඳෙනසුළු ආර්ථික ස්ථාවරත්වයක් සමඟ ය. 2024 ඔක්තෝබර් මස දක්වා මහ බැංකුව විසින් සංචිතවල දැඩි පාලනයක් පවත්වාගෙන ගිය අතර, එය විනිමය අනුපාතවල ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට රුකුලක් විය.
කෙසේවෙතත්, “ප්‍රමාණවත් සංචිත” මැයෙන් අධික ද්‍රවශීලතාවයක් රටේ ආර්ථිකයට පොම්ප කරමින් යන මේ ගමන නිසා විදේශ විනිමය අස්ථාවරත්වයක් ඇතිවීමේ අවදානමක් පමණක් නොව තවත් ආර්ථික අර්බුදයක් පැණනැඟීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබෙන බව සඳහන්කළ යුතු ය.
පෞද්ගලික අංශයේ ණය වර්ධනය මෑත දින යළි ආරම්භ වූව ද, ලබා නොදුන් ණයවල සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිව පවතී. ඒවා වර්තමානයේ පවතින තත්ත්වයන් යටතේ මුදා හැරියහොත්, විදේශ විනිමය ස්ථාවරත්වයට බරපතල අභියෝගයක් එල්ලවිය හැකි අතර, මූල්‍ය ස්ථායීකරණය සඳහා දියත් කිරීමට සිදුව ඇති මෙහෙයුම් තවදුරටත් ව්‍යාකූලකළ හැකි ය.