අපි බලය ගන්නකොට තිබුණේ තෙල් නැවකට සල්ලි ගෙවාගන්න බැරි තත්වයක් – ඇමති හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජය බලය පත්වෙද්දී රටේ තිබුණේ දැවැන්ත ආර්ථික කඩාවැටීමක් බවත් තෙල් නැවකට ගෙවා ගැනීම සඳහා ණයවර ලිපියක් විවෘත කරගැනීමට නොහැකි තත්වයක් රටේ තිබුණු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අනිත් ප්‍රධානම කාරණය තමයි දේශපාලන පරිවර්තනයකට වඩා ආර්ථික පරිවර්තනයක් විශාල වශයෙන් ජනතාව බලාපොරොත්තු වීම. මොකද අපි ආණ්ඩු බලය ගන්නකොට තිබුණු දේ තමයි දැවැන්ත කඩාවැටීමක්. නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරලා. ජාත්‍යන්තර ණය ගන්න එක පිළිබඳ ගැටලුවක්. ජාත්‍යන්තර LC එකක් ඕපන් කරගන්න එක පිළිබඳ ගැටලුවක්. ඔබට මතකයි වරායට තෙල් නැව් ඇවිල්ලා අපට LC එකක් ඕපන් කරගන්න බැරුව තෙල් නැව් පෝළිමක් තියෙනවා. ජනතාව මේ පැත්තෙ පෝළිමේ පාරෙ, මුහුදෙ නැව් පෝළිම අර පැත්තෙ. එහෙම තත්වයක් තිබ්බෙ. ඒ වගේ ආර්ථිකය ලොකු අර්බුදයක තියෙන වෙලාවක දේශපාලන වශයෙන් විශාල පරිවර්තනයක් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ. ඒ කියන්නෙ අපේ දේශපාලන සංස්කෘතියෙම ලොකු වෙනසක් ජනතාව බලාපොරොත්තු වුණා. නාස්තිය දූෂණය නතර කරන්න, හොරකම නවත්වන්න, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න, එහෙම බලාපොරොත්තු වෙන ලොකු අපේක්ෂාවක් එක්ක තමයි අපි බලයට එන්නෙ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...