ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවම දියුණු කිරීම ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුණයි – සුගත් තිලකරත්න කිලිනොච්චියේදී පවසයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 04,(LNW)කොළඹ :

ස්වීඩන්හි වෙසෙන ප්‍රවීණ ජූඩෝ පුහුණුකරු සෙන්සේ රාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳගේ ද මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජූඩෝ සංගමය එක්ව සංවිධානය කළ, ජූඩෝ වැඩමුළුව සහ ජූඩෝ ඇඳුම් බෙදා දීමේ අවස්ථාව ඊයේ පෙබරවාරි 02 දින කිලිනොච්චිය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවත්වුණේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ සහභාගීත්වය ඇතුවයි.

උතුරු පළාතේ මුලතිව්, වවුනියා, කිලිනොච්චිය, මන්නාරම, යාපනය යන සියලුම දිස්ත්‍රික් නියෝජිනය කරමින් ජූඩෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් 50කට අධික පිරිසක් එක් වූ මෙම වැඩමුළුව ඇමතූ සුගත් තිලකරත්න, ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවම දියුණු කිරීම ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුණ බවත්, එහිදී අනෙකුත් පළාත්වලට මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වලත් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ක්‍රීඩකයෙක් ලෙස තමා ද දුෂ්කර කාලයක් ගත කළ බවත්, එම නිසා පහසුකම් අවම වීම මත ක්‍රීඩකයෙකුට දැනෙන හැඟීම, තමන්ට හොඳින් වටහා ගත හැකි බවත් පැවසු සුගත් එහිදී ජූඩෝ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ගෙනයාම වෙනුවෙන් ස්වීඩන්හි වෙසෙන ප්‍රවීණ ජූඩෝ පුහුණුකරු සෙන්සේ රාජ් ප්‍රනාන්දු දක්වන දායකත්වය අගය කරන බව ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...