වීරකැටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් !

සටහන – රුවන් නෙළුගොල්ල

වීරකැටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (පෙබරවාරි 04) පියවර ගෙන තිබේ.

ඒ, මාතර මාලිම්බඩ පොලීසියේ සේවය කරමින් සිටියදී දිල්ශාන් මදුසංඛ නම් තරුණයකු අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන දින හයක් තිස්සේ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙනි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන නිලධාරීන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු මෙම නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණු අතර ඔවුන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි 27 වනදා නියම කර තිබිණි.

වැඩිදුර නඩු විභාගය සඳහා පෙබරවාරි 27 වනදා නඩුව යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...