ලසන්ත ඝාතනයේ සැකකරුවන් මුදාහැරීමට නිර්දේශ කිරීමට එරෙහිව කොළඹදී විරෝධතාවයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, හෙට (පෙබරවාරි 06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇත.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන මෙන් යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ආරාධනා කරන බවයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...