බැක්ටීරියා ආසාදනයක් බේර වැවේ සතුන් මියයෑමට හේතුව යැයි සොයා ගැනේ!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

Pasteurella multocida නම් බැක්ටීරියා ආසාදනයක් , කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතුව වී ඇති බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි.මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බව, එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණයෙන් මැරිච්ච තාරාවන්ගේ ශරීර පටකවලින් පරීක්ෂණ කිහිපයක් කරා. ඊට අමතරව ලේ පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ කිහිපයක් සිදුකරනවා. මේ වනවිට අපිට පෙනී ගිහින් තියෙනවා Pasteurella multocida කියන බැක්ටීරියාව ආසාදනය වී ඇති බවයි අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වුණත් අපි තවදුරටත් තත්ත්වය පරීක්ෂා කරන්න තවදුරටත් පරීක්ෂණ කරනවා.”

ඔහු තවදුරටත් සඳහන් කළේ, ඉතිරි වී ඇති සතුන්ට ප්‍රතිජීවක එන්නත් ලබා දීම අද සිට ආරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...