නාමල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ගොනුකර ඇති නඩුවට අදාළව ය.

මෙහිදී නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මෙසේ නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර ඇත.

මීට අදාළ චෝදනාව එල්ල කර ඇත්තේ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී ය. ඒ සමයේදී මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...